Saturday, February 6, 2016

රහසක්ම වී මියෙන..





විසල් අහසක් යටම
වළාකුල් මගා’රින
කිරිල්ලියෝ ඇති නේද
තටු ගසනු අකමැතිම
දහස් දුර ඇවිද යන..

ඉදින් ලොව මල් නැතිද
නේක විධ වූ වර්ණ
පිපෙන්නට අකමැතිම
බඹරුන්ව නොරුස්සන
රෑ හඳට පෙම් කරන..

හරිත පැහැ ලෝකයක
හුස්ම දෙන ගස්වැල් ම
සිතනවා නොවනු වෙද
සුළඟකට පාවෙන්න,
නෑසියන් හමුවෙන්න..

තවත්,
හිඳීවිද අම්මලා
නොකියනා දැරියන්ට
මේ කෙල්ල “කොල්ලෙක්ම”
වී තිබුණි නම් යෙහෙකි!

කොතෙකුත්,
සිටින්නට බැරි කිමද
කෙලිත්තියො තව තවත්
අනේ මම වූවා නම්
“කොල්ලෙක්ම” යැයි සිතන..





   ප.ලි.
 (: Blue is the warmest color චිත්‍රපටය නරඹා තත්පරයකට ඇතිවූ සිතිවිල්ලකි )

14 comments:

  1. //ඉදින් ලොව මල් නැතිද
    නේක විධ වූ වර්ණ
    පිපෙන්නට අකමැතිම
    බඹරුන්ව නොරුස්සන
    රෑ හඳට පෙම් කරන..//
    හරිම අගෙයි හන්චියෝ, පලවෙනි වතාවට ආවේ. ජයෙන් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තාරා! සාදරයෙන් පිලිගන්නවා මගෙ බ්ලොග් එකට. තාරා ටත් ජයෙන් ජයම වේවා!

      Delete
  2. කොල්ලෙක්ම වෙන්න ඕන නෑ උත්සාහයක් තියෙන්න ඕන ඕනම දෙයක් කරන්න..
    ලස්සනයි හන්චි.

    ReplyDelete
    Replies
    1. කොල්ලෙක්ම වෙන්න ඕනි නෑ තමයි .ඒත් ගෑනුළමයිට යම්කිසි සීමාවක් තියනවා නේද. :)
      ස්තූතියි සිංහ මචන්!

      Delete
    2. කොල්ලෙක්ම වෙන්න ඕනි නෑ තමයි .ඒත් ගෑනුළමයිට යම්කිසි සීමාවක් තියනවා නේද. :)
      ස්තූතියි සිංහ මචන්!

      Delete
  3. සීමාවන් නං තියෙයි තමයි. ඒත් ඒ සීමාව දැනගෙන නිදහස නිවැරදිව පාවිච්චි කරනව නං කෙල්ල ගෙයි කොල්ලගෙයි වෙනසක් නැතිවෙන්නත් පුලුවං
    සමහර ගෑණු දැරිවියො ඉන්නව කෙල්ලක් කියල මළාට කියන්න බෑ. කොල්ලම තමා..
    ඔය පිච්චර් එක ගැන අසා ඇත බලා නැත. බලන්න හිතෙනව හැබැයි මටත්

    ReplyDelete
    Replies
    1. ඔව් මහේශ්. මහේශ්ගෙ කතාව හරි! මේ දේ මට හිතුනෙ , වෙලාවකට අපේ අම්මා කියනවා " අනේ හන්චි, ඔයත් පුතෙක් උනා නම් මට ඒක ලේසියක්" කියලා. හෙහේ :D .
      Blue is the warmest color ෆිල්ම් එක ගත්තොත් ෆිල්ම් එකයි මේ මං ලියපු වචන ටිකයි එකිනෙකට එකක් සම්පූර්ණයෙන්ම වෙනස්. ඒත් මොකද්දෝ ගැලපීමකුත් තියනවා කියලත් හිතෙනවා මට. ඒක තේරුම් කරන්න නම් අමාරුයි.
      ඒත් යමක් හිතන්න දෙන ෆිල්ම් එකක්.බැලුවට පාඩු නැහැ :)

      Delete
  4. මම නම් හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ කෙල්ලෙක් වෙන්න.චුට්ටක් හිතලා බලන්නකො ඕනම ක්ෂේත්රයක ලොකු ම පෙරළි කරලා තියෙන්නේ ගැහැණු.දේශපාලනයෙ ඉන්දිරා ගාන්ධි.. සාහිත්‍යෙය අගෙතා ක්‍රිස්ටි, එමිලි බ්‍රොන්ටේ, ජේන් ඔස්ටන්, අරුන්දතී රෝයි.. තව කොච්චරක් කියලද.. කවදාවත් තමන්ගෙ ජෙන්ඩර් එක හීනමානයට කාරණයක් කරගන්න නරකයි.ලෝකය යහපත් කිරීම සඳහා කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ සීමාවල් කඩාබිඳගෙන අයාලේ යෑම නොවයෙි. ගව්රවනීය විදියට ජීවිතය ජයගැනීමයි..

      Delete
    2. වැසි දැරියට එකඟයි.
      ඒත් ඇත්තටම මම මෙතන ගැහැණු කම පහතට දැම්මා නෙමෙයි.සාමාන්‍ය මනුස්සයෙක්ගේ හිතට එන අදහසක් නිකන් වචන ටිකක් කළා විතරයි.ස්තුතියි. :)

      Delete
  5. කොල්ලෙක් නොවී කෙල්ලෙක් වීම වෙලාවකට හොදයි.වෙලාවකට හෙන අව්ල් නේද හන්චියෝ..හැබැයි අපේ අම්මා කියන විදියට කොලු කෙල්ලෙක් මන් හිකිස්..මොකද උඩ නගින වැඩ වලට අපේ මල්ලි කාරයා පරාන බයයි.මන් තමා සියලු උඩ වැඩ කලේ..දැන් නං යාන්තන් අපේ තාත්තගේ බයිට් කිරීම නිසාම මල්ලි කාරයා උඩ නගිනවා.එකත් නැග්ග වෙලේ ඉදන් ඉතින් කෑගහනව "අක්කේ එනවකො මේක අල්ලගන්න..හොල්වන්නෙපා මෝඩයෝ..අම්මේ.." හැක හැක හැක
    ඉස්කුලේ නං කොල්ලෝ නොහිටිය නිසා සියලු කොලු වැඩ කරගත්තෙත් අපිම තමයි නැද්ද හන්චියෝ...හිකිස්.

    ReplyDelete
  6. ආ මල්ලිලා ගැන ඉතින් මටත් අත්දැකීම් ඕනි තරම්..හී හී

    ReplyDelete
  7. මේ කෙල්ල “කොල්ලෙක්ම”
    වී තිබුණි නම් යෙහෙකි!

    +++++++++++

    ReplyDelete
    Replies
    1. ස්තුති ඉවාන්.. සාදරෙන් පිලිගන්නවා මගෙ බ්ලොග් එකට

      Delete