මං අහන්නෙ, කාටහරි පුළුවන්ද රැහැයි සද්දෙ විතරක් ඇහෙන, යටිපතුල් දෙක හීනියට හිරි වැටෙන මහ පාන්දරක ඇහැරගෙන,පොඩිම පොඩි සද්දයක්වත් නෑහෙන තරමට,මුළු ලෝකෙටම හොරෙන් ගෑස් කුකර් එක ඔන් කරලා කෝපි කෝප්පයක් හදාගන්න!!.
මං තනියම ඉන්න වෙලාවක උනත් මහ රෑට ගෑස් කුකර් එක ඔන් කරනකොට හරි, ෆ්‍රිජ් එක අරිනකොට හරි, "චූටි දුව.." කියලා සද්දයක් කොහෙන් හරි ඇහෙයි කියලා හිතේ පොඩි තිගැස්මක් නැතුවම නෙමෙයි. ඒක හැමෝටම සාමාන්‍ය වෙච්ච දෙයක් කියලා හිතලා,ඇඳේ මුල්ලකින් වාඩි වෙලා පොරෝණයක් ඇඟේ ඔතාගෙන ඔයාව අහන එක විතරයි මට මේ වෙලාවෙ ඕනි...
නිදිමත පාට ඇස්!.
"නිදාගන්න ළමයො".
'කෝපි බිව්වෙ නිදාගන්න නෙමෙයිනෙ'
ආයෙත් ඔයාගෙ හිනාවෙන ඇස්!!!..
'මාත් එක්ක කුටු කුටු ගාන ගමන් ඔය ලියන්නෙ මොනවද ඉතින්..?'.
"මං ලියනවා කියල ඔයා කොහොමද දන්නෙ !"
මගෙ පුදුමෙ පිරුණු කටහඬට ඔයා තරහ ගනී කියල තප්පරේකට හිතිලා, තප්පරේකින් ඒ සිතුවිල්ල නැති වෙලා යනවා..
'ඉතින් එතකොට කොහොමද ඔයා දන්නෙ මං හිනාවෙනවා කියලා? ඔව් ඉතින් මං කොහොමත් හිනාවෙලා ඉන්න හොඳ ලස්සන කොල්ලෙක් තමයි.................'.
මං ගොලු වෙනවා..මෙච්චර වෙලා ඇහුණු ඒ කටහඬටත් වඩා ලස්සන, ඊට වඩා ගොඩක්ම හිත ළඟින් ඇහෙන කටහඬකින් මේ ලෝකෙ මං ඔයාගෙන් වැඩියෙන්ම අහන්න කැමති දේ ඔයා කියනවා..
හෙට දවසට හිනා වෙලා ඇහැරෙන්න පුලුවන් ආදරණීය හුස්මකින් ඔයා මගෙ ජීවිතේ පුරවනවා.
එක දවසක් ඔයා මගෙන් අහද්දි ඇයි මං වැඩිය කතා නොකර ඉන්නෙ කියලා, ඔයාට මතකද බිසරු මං මුකුත් නොකියා හිනා වුණා.
"ඉතින් ඔයත් එහෙමනෙ.ඔයත් කතා කරන්නෙ නෑනෙ"
ඊට ගොඩ කාලෙකට පස්සෙ දවසක මං ඔයාගෙ කමිස අතේ කොනක මගේ කම්මුල තද කරගෙන කියද්දි ඔයා මට කිව්ව දේ මතකද?
බිසරු ඔයාට කොහොමද මාව ඇබ්බැහි වෙන්නෙ කියලා අහද්දි මගෙ අත තද කරලා අල්ලගත්ත හැටි....
අනේ මට ඔක්කෝම මතකයි.
ජීවිතේ පාට කරන්න නම් අඳුරු තැන් තියෙන්න ඕනිමයි. අඳුරු තැන් මකා දාන්න, තුවාල වුණ තැන් වලට හුස්ම පිඹින්න මේ හැමදේටම හිටියෙ මට ඔයා විතරමයි. තාමත් ඉන්නෙත් ඔයා විතරමයි.
ඉතින් අහන්න.
" ධාරා.. ඇයි මේ? "
අහන්න.
මට ඕනි බිසරු ඔයා ගැන හිතෙන හැමදේම හැම අකුරක්ම මඟ නොහැර ඔයාට කියන්න.මගෙ හිතේ තියන හැමදෙයක්ම ඔයා දැනගන්නවට මං කැමතියි.
දන්නවද. මං කැමතිම ඔයා එක්ක මහ පාන්දරක, එක්කො මහ රෑක කතාකරන්න. ඇත්තමයි ඒ වෙලාව හිතට හරිම සැනසීමයි.
එදා වැස්ස දවසක්.හවස ඉඳන් රෑ වෙනකම්ම එක දිගට වැස්ස. එදා රෑ හදිසියේ මට ඇහැරුණ වෙලේක මං ඔයාට කෝල් එකක් ගත්තා. ඒ එක්කම කෝල් එකට ඔයා උත්තර දුන්නා ...
"බිසරු... ඇයි මේ ඇහැරගෙන? නිදාගත්තෙ නෑ? "
මං දන්නවා ඒක මෝඩ ප්‍රශ්නයක් තමයි.
" ඇහැරුනා දරුවො මට"
"අනේ ඉතින් මට කෝල් එකක් දෙන්න එපැයි"
" මගෙ ධාරා හොඳ සනීපෙට නිදි ඇති කියලා ඉතින් මං ඇහැරෙව්වෙ නැහැ"
ඔහොම කියද්දි මට රිදුන තරම්.. මං කොච්චර ආත්මාර්ථකාමී ද කියලා හිතුන තරම්.. ඔයා මට කොයිතරම් ආදරේද කියලා හිතුන තරම්...
ඔයා කොහොමද මාව මේ තරම් තේරුම්ගත්තෙ කියන එක මට තාම හිතාගන්න බැහැ.
මගෙ එක බැල්මකින් පවා මාව මෙච්චරටම තේරුම් ගන්නත් ඔයාට ඇර වෙන කාටවත්ම බෑ.
අපේ අම්මත් මට වෙලාවකට කියන්නෙ මේ ළමයනම් මහ පුදුම ළමයෙක් කියල තමයි.
ඒත් ඔයාගෙන් ඇහුවම හයියෙන් හිනා වෙලා මාව ළඟට ගන්නවා මිසක් වෙන කිසිම දෙයක් ඔයා කියන්නෙ නෑනෙ.
ඔයාව හම්බෙන හැමදවසකම ඔයාගෙ ඇස් දෙක දිහාම බලන් ඉන්නෙ, ඔයාගෙ හිනාව දිහාම බලන් ඉන්නෙ මට ඔයාව හැමවෙලේම මතක් කරගන්න ඕනි හින්දයි.මගෙ හැම ලස්සන මතකයකම ඔයා ඉන්න ඕනි හින්දයි.
බිසරු.. මේක හරි බොළඳ ලියවිල්ලක්ද බිසරු. ඔයා කියනවනෙ හැම වෙලේම මගෙ කෙල්ල බොළඳ නෑ කියලා. ඒ හින්දම මං මෙහෙම ලියනවා.මං ලියන අකුරෙන් අකුර කියවන්නෑ ඔයා.ඔයා කම්මැලියනෙ. ඒත් මගෙ හිත රිද්දන්න බැරි කමට අමාරුවෙන් හරි කියවනවා කියලා මං දන්නවා. මේක කියවද්දි මට ඔයා ළඟ ඉන්නම ඕනි ඒත්.
ඔයාගෙ අත් දෙක සිනිඳුයි. මගෙ අත් දෙක ගොරෝසුයි.
මං හැමවෙලේම ඔයාගෙ අතින් අල්ලගෙන කියනවා.
"කෙල්ලෙක් වෙලත් මගෙ අත ගොරෝසුයිනෙ කියලා"
ඒකටත් ඔයා හිනාවෙනවා. මගෙ අත දිහාබලන් ඉන්නවා. අතේ කුරුටු බලි අඳිනවා.
මේ ලෝකෙ මං හිතේ නිදහසින් ඉන්න එකම තැන ඔයා ළඟ විතරයි.
ඔයාගෙ ආදරේ පිරුණු ඇස් ළඟ මට මාවම අමතක වෙනවා බිසරු.
මං ඔයාට කොච්චරක් නම් ආදරෙයිද කියලා කියාගන්න මට බැරිවෙයිද කියලා හිතෙනවා.
ඈත් වෙන තරමට අපි ළංවෙනවා කියල විතරක් මං දන්නවා.
තව ගොඩක් දේවල් මේ හීනෙට ඉස්සරහට එකතුවෙනවා කියලත් මං හොඳටෝම දන්නවා.
සතුටින් ඉන්න බිසරු.හැමදාම.

ඔයත් සතුටින් ඉන්න ධාරා :)
ReplyDeleteසමී :) ඔයත් සතුටින් ඉන්න. පබ්ලිශ් කරපු හැටියෙ ඇවිත් :D
Deleteඕක එයාට තේරෙනවා නම් කොච්චර දෙයක්ද? :)
ReplyDeleteකවදමහරි තේරුම් ගනීවි. :) ස්තූති මැක්ස්වෙල් මගෙ බ්ලොග් එකට ගොඩ උනාට :)
Deleteමොලේ ලඟ හැගීම් ගොළුයි.හැඟීම් ලඟ මොලේ ගොළුයි.
ReplyDeleteඒක හරි කටුසු! :)
Deleteෂෝයි කතාවක් හන්චි. දෙන්නට දෙන්නා තේරුම් ගැනීම තමයි වැදගත්.
ReplyDeleteජය වේවා!
මගෙ බ්ලොග් එකට මචන්ව සාදරයෙන් පිලිගන්නවා . අනිවාර්යයෙන්ම තේරුම් ගැනීම තමයි වැදගත්.බොහොම ස්තූති ඔයාට.
Deleteදෙවනි වතාවත් පිලිගත්තා එහෙනම්.
Deleteමරු
ReplyDeleteමං කීවෙ කතාවයි ලියල තියෙන විදියයි දෙකම. මං මේ ජාතිාය්වට ටිකක් මනාපයි..
ඒක නෙවී මොකද්ද බං මේ නම.
බිසරු.. බුලැහ්...
ධාරා කියල ඉස්සර බ්ලොග් ලියන මානවිකාවක් නං උන්න
බොහොම ස්තූතියි.බ්ලොග් එකට සාදරයෙන් පිළිගන්නවා මහේශ්. :)
Deleteඅඩේ අපේ බැච් එකේ ගෑල්ලමයෙක් ඉන්නවා බිසරු කියලා.ඉතින් මං ඒ ගෑල්ලමයගෙ නම පිරිමි ළමයට දැම්මා.හි හී..
මාත් ඒ ධාරාගෙ බ්ලොග් එක කියවලා තියනවා.පෞද්ගලිකව මං ආස නමක් ධාරා කියන්නෙ.:)
ලස්සන කතාවක් හන්චි..
ReplyDelete//අපේ අම්මත් මට වෙලාවකට කියන්නෙ මේ ළමයනම් මහ පුදුම ළමයෙක් කියල තමයි.//මේ කතාව නං මාත් අහගන්නවා.
ස්තූති ගිම්මි.
Deleteහෙහේ. අම්මලා හැමෝම අපිට ඔය කතාව කියනවද කොහෙද :D