Monday, February 29, 2016

අපි කවදාහරි ආයෙත් හමුවේවි.





මේ දවස් හරිම ගිනියමයි. මිනිස්සු බලාගෙන ඉන්නවා වතුර බිංදු ටිකක් අහසින් වැටෙනකම්.
ඉතින් අපි හයියෙන් වැස්සහමත් අහසට බනිනවා. පොඩ්ඩක් වැස්සහමත් අහසට බනිනවා.හොඳටම පෑව්වත් ඒත් අහසට බනිනවා. ඒත් ඉතින් අහස කියන්නෙ අහසටම තමයි. අපි කොච්චර කන්කෙඳිරි ගෑවත්,දුක කිව්වත්,බැන්නත්, අහස අහසට ඕනි විදියට ඉන්නවා.

හරියට සමහර මිනිස්සු වගේ. ඔයාලා දන්නවද සමහර මිනිස්සු ඉන්නවා අහස වගේ වෙනස් වෙනවා. ඒත් අනික් අය ගැන හිතලා නෙමෙයි. එයාලා එයාලට ඕනි විදියට වෙනස් වෙනවා. ලාබ ප්‍රයෝජන බලන් එයාලා ලඟ ඉන්න අයගෙන් සමහරක්ට ඒ අහස වගේ වෙනස් වෙන මනුස්සයගෙන් වාසි ගොඩයි. සමහරක්ට එයාගෙන් අවාසිම විතරයි.
එතකොට ඇත්තටම ආදරෙන් එයා ළඟ ඉන්න කෙනාට මොනාද හම්බෙන්නෙ.එයාට හම්බෙන්නෙ වේදනාවක් හිත රිදීමක් විතරයි.



ඔන්නොහොම එක එක දේවල් හිත හිතා ඉද්දි හන්චිට හිතුනා සින්දුවක් අහන්න. හන්චි මේ ලෝකෙ වැඩියෙන්ම කැමති සින්දුව මොකක්ද කියලා ඇහුවොත් හන්චි දෙන උත්තරේ තමයි මං මේ කියන්න යන සින්දුව.

ඒ සින්දුව  මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක කොයිතරම් බද්ධ වෙලා තියනවද කියල කියනවනම්, ඇත්තමයි හන්චිට ඒක වචනෙන් විස්තර කරන්න අමාරුයි. මේ සින්දුව අහන හැම වතාවකම කියාගන්න බැරි තරම් සිතුවිලි මහ ගොඩක් හිතට එනවා මට නම්. මං දන්නවා ඔයාලටත් එහෙම සින්දු ඇති..




" ඉතින් ඒ ලස්සන ආදර කතාව                          එතනින්ම ඉවර උනා.
 ඔව්.පටන් ගත්ත තැනින්ම"

" රහල්.. එහෙම පටන් ගත්ත ගමන්ම ආදර කතා ඉවර වෙන්න බෑ.
මං පොඩ්ඩක්වත් කැමති නෑ ඒ කතාවට"

එදා මං ඒ කතාව ඒ විදියට ඉවර කරද්දි ඔයා කෑගහපු හැටි මට තාම මතකයි.

"සාරධා.. ඒක එක කතාවක් විතරයි ළමයො "
මං ඔයාගෙ හිත හදන්න වචන ගලපන ගමන් හිටියෙ.

සාරධා! මගෙ සුරංගනාවි.

ඒත් දැන් ඔයාට තේරෙනවා නේද පටන් ගත්ත තැනින්ම ඉවර වෙන ආදර කතා මහ ගොඩක් මේ ලෝකෙ තියනවා කියලා.
.
අපි කවදාහරි ආයෙත් හමුවේවි.
ඒ වෙනකම්.......................




මේ ඉර හඳ යට හමුවී
ආදරයෙන්..
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ
මේ ඉර හඳ යට හමුවී..

අද නුඹ කොතැනද
අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මග සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා...
.
දැන හඳුනා ගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට හෙටටත් කඳුලක් ඉතිරි වෙලා..
.
ගායනය    : එඩ්වඩ් ජයකොඩි මහතා
පදරචනය: රඹුක්කන සිද්ධාර්ථ හිමි
සංගීතය   : එම්. ආර්. චූලසිංහ මහතා

12 comments:

  1. හ්ම්................ හ්ම්..............

    ReplyDelete
  2. //දැන හඳුනා ගත් කාලේ ඉඳලා
    ළබැඳි දයාවෙන් සිටිය නිසා
    අප වෙනුවෙන් අප නමින් හෙලන්නට හෙටටත් කඳුලක් ඉතිරි වෙලා..//

    මාත් කැමතිම සින්දුවක් හන්චියේ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය කැමති සින්දුවක් ගිම්මියෝ :) ස්තුතියි

      Delete
  3. අපූරු ගීතයක් හන්චියෝ, මේකෙ පිටින් දකින තේරුමට වඩා දෙයක් තියන බව මම ගීත විචාරයකදි අහලා තියනවා. මේ කියන්නෙ මේ ආත්මයෙ කතාවක්ම නෙවේ ලු. සන්සාරේ අපිත් එක්ක එකට ම හිටපු කී දෙනෙක් අද අපිව නොදන්නවා වගේ යනවා එනවා ඇතිද? සිද්ධාර්ථ හාමුදුරුවෝ අන්න ඒ බුදු දහම තුල කියවෙන පරම ඇත්තත් මේ ගීතය තුලට මුහු කරනව, පෝය දවසක තිබුනු විචාර වැඩසටහනක මේ කතාව ඇහුනේ
    //අද නුඹ කොතැනද
    අද මා කොතැනද
    දන්නේ නෑ නුඹ මටත් හොරා
    ජීවන මහ මග සටන් වැදී ඇත
    නාඳුනනා පෙම්වතුන් වෙලා...//

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් ඇත්තම ඇත්ත තාරා! සංසාරේ අපිත් එක්ක එකට හිටපු කි දෙනෙක් අද නොදන්නවා වගේ යනවා ඇත්ද ..
      බොහොම ස්තුති තාරා..

      Delete
  4. එතකොට ඇත්තටම ආදරෙන් එයා ළඟ ඉන්න කෙනාට මොනාද හම්බෙන්නෙ.එයාට හම්බෙන්නෙ වේදනාවක් හිත රිදීමක් විතරයි..... ������

    ReplyDelete
  5. වෙනස්වෙන ලෝකයේ නොවෙනස්වෙන එකමදේ වෙනස කියලා කියනවනේ බං.සමහර අයට වෙනස්වෙන්න යන්නේ හරි ටික කාලයයි.

    ඔය සිංදුව 11 වසරේදී ඉස්සල්ලම ඇහුවේ.එද ඉඳන් ෆේවරිට් ලිස්ට් එකේ තැනක් තියනවා තාමත් ඕකට.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත කටුසු..
      ඔව්..කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක්!

      Delete
  6. අද නුඹ කොතැනද
    අද මා කොතැනද
    දන්නේ නෑ නුඹ මටත් හොරා
    ජීවන මහ මග සටන් වැදී ඇත
    නාඳුනනා පෙම්වතුන් වෙලා...
    .

    ReplyDelete
  7. අද නුඹ කොතැනද
    අද මා කොතැනද
    දන්නේ නෑ නුඹ මටත් හොරා
    ජීවන මහ මග සටන් වැදී ඇත
    නාඳුනනා පෙම්වතුන් වෙලා...
    .

    ReplyDelete