මේ දවස් හරිම ගිනියමයි. මිනිස්සු බලාගෙන ඉන්නවා වතුර බිංදු ටිකක් අහසින් වැටෙනකම්.
ඉතින් අපි හයියෙන් වැස්සහමත් අහසට බනිනවා. පොඩ්ඩක් වැස්සහමත් අහසට බනිනවා.හොඳටම පෑව්වත් ඒත් අහසට බනිනවා. ඒත් ඉතින් අහස කියන්නෙ අහසටම තමයි. අපි කොච්චර කන්කෙඳිරි ගෑවත්,දුක කිව්වත්,බැන්නත්, අහස අහසට ඕනි විදියට ඉන්නවා.
හරියට සමහර මිනිස්සු වගේ. ඔයාලා දන්නවද සමහර මිනිස්සු ඉන්නවා අහස වගේ වෙනස් වෙනවා. ඒත් අනික් අය ගැන හිතලා නෙමෙයි. එයාලා එයාලට ඕනි විදියට වෙනස් වෙනවා. ලාබ ප්රයෝජන බලන් එයාලා ලඟ ඉන්න අයගෙන් සමහරක්ට ඒ අහස වගේ වෙනස් වෙන මනුස්සයගෙන් වාසි ගොඩයි. සමහරක්ට එයාගෙන් අවාසිම විතරයි.
එතකොට ඇත්තටම ආදරෙන් එයා ළඟ ඉන්න කෙනාට මොනාද හම්බෙන්නෙ.එයාට හම්බෙන්නෙ වේදනාවක් හිත රිදීමක් විතරයි.