පුස්තකාලයක්
වුනාම පොඩි අඳුරු පාටක් එක්ක මුහු වුණ පුස් ගඳක් තියෙන්නම ඕනි. ඒ එක්කම පැය බාගෙකට
සැරයක් විතර කෑ ගහන කපුටු නාදෙකුත්.
ඒ
ඔක්කොම තියෙද්දිත් මට මේ පුස්තකාලේ මොකද්දෝ මන්දා අඩුවක් දැනුනා.
මතක්
වුණා !
අර
බාගෙට ගැලවුණු කොටු කොටු දැල් තියෙන, ජනේලයක් මෙහෙ තිබ්බේ නැහැනේ.
“වහිනකොට
හොරෙන් බලන්න එපා.!”
ඇත්තටම
මම හොරෙන් බලන්නේ ඇයි කියල හිතන්න තප්පර ගානක වෙලාවක් ගිය හින්දා කටහඬ කාගෙද බලන්න
පරක්කු උනා.
මගේ
සුපුරුදු අසුනේ ඉඳගෙන වීදුරු පටි අල්ලපු ජනේලේ එක හිඩසකට ඇහැ තියන් හිටපු මම
දැක්කේ, මට පිටුපාලා යන තද නිල් පාට කමිසයක් විතරයි.
ඊට
පහු වෙනිදට පහු වෙනිදා ඉදන් මට ඕනි වුණා තද නිල් පාට කමිසෙ ඇඳන් හිටපු පිරිමි ළමයව
හොයාගන්න.
ඇයිද
කියලද අහන්නේ? මට ඕනි වුණා හොරෙන් බලන්න එපා කිව්වේ ඇයි කියල දැනගන්න.
මම
ඒ නීලවර්ණයාව හොයන්න ගත්ත දවසේ ඉඳන් හරියටම අදට සතියක් වුණා කියලත්,ඒ සතිය ඇතුලත
පොද වැසි තුනකුත්, මහ වැස්සකුත් වැටුණු බවත් මට මතක් වුණා.
ඒ
හැම වැස්සකටම පුස්තකාලේ මගේ අසුනට දුවලා ගිහින් අර වීදුරු පටි ජනේලෙට ඇහැ
තියල වැස්ස දිහා හොරෙන් බැලුවේ නීලවර්ණයා
අදත් “හොරෙන් බලන්න එපා” කියයි කියල හිතුන නිසා.
මට
ඕනි වුනේ ටැටූ ආටිස්ට් කෙනෙක් වෙන්න. පෝලර් ටවුන් එකේ කෙලවර තිබුණු ආර්ට් ස්කූල්
එකේ පුස්තකාලය ගැන තමයි මම මුලින්ම කිව්වෙත්.
සම්බන්ධයක්
නැති සිද්ධි ගොඩක් තමයි.
තැනින්
තැනින් අකීකරුවට එළියට පැනපු කොන්ඩ කෑලි ටික අතින් ඔලුවට තද කරගන්න ගමන්, ඒ අළු
පාට ඇස් තියෙන පිළිගැනීම් නිලධාරිනිය පස්සෙන් විසිටර්ස්ලගේ රූම් එකට ගියා.
කකුලකින්
පොඩි තාලයක් අල්ලන ,ලොකු බෝතල් අඩි කණ්නාඩි දෙකක් දාගත්තු පිරිමි ළමයෙක් එතන වාඩි
වෙලා හිටියා.
මට
බලන්න උවමනාවක් තිබ්බේ නෑ.
එයා
බැලුවෙත් නෑ.
“ART”
ඒ
ආයතනයේ නම.
මම
ඩිසයින් මේකර් කෙනෙක් වෙද්දී,එයා වෝල් ආර්ට්ස් කරන කෙනෙක් උනා.
“මේ
ලෝකේ ලස්සනම සුදු පාට තියෙන්නේ උදේට ඉර පායනකොට පේන නැගෙනහිර අහසේ.”
එයා
එහෙම කියනකොට මට කියන්න ඕනි වුණා එයාගේ ඇස් දෙක ඊට වඩා ලස්සනම ලස්සන සුදු පාටකින්
පිරිලා තියනවා කියලා.
මම
සද්ද නොකර හිටියා.
හිරිවැටෙන
හීතලක,
උණුසුම්ම
පොරෝනය..
ඇස්
!!
මගේ
ස්වාරාගේ ඇස්!
...........................................
නොකියු
තව කතාවක
ආදරේ
ඉතිරිච්ච,
මට
කියන්නැති ඇස් !
රහස්
හංගන ජනූ ගේ ඇස් !!
ඒවා
කවි පද නෙමෙයි. ඒත් කවි වගේ තමයි. ඉඩ ලැබෙන හැම වෙලේකම අපි මොනාහරිම කුරුටු
ගෑවා.එකම කොලේක.
ඒ
ලොකු බෝතල් අඩි කණ්නාඩි දාපු පිරිමි ළමයා,ජනූ..
මාව
හරි ඉක්මනට අල්ලගත්තා.
කතා
ගොඩක අකුරු , ඒ කණ්නාඩි අස්සෙ හැංගිලා තිබුනා. ගොඩක් පිරිමි ළමයි කණ්නාඩි දාන්නේ ඒ
ඇස් අස්සේ තියන කතා හංගන්න කියලත්, ඒ ඇය ඇස් පේන්නෙ නැති විදියට රඟපාන්නේ බොරුවට
කියලත් ජනූගෙන් මම ඉගෙනගනිමින් හිටියා.
මිනිස්සු
ඇස් අස්සේ අතරමං උනාම ඕනෑම දෙයක් වෙන්න පුළුවන් කියල මම පස්සේ කාලෙක හිත හදාගත්තා.
නහර
ඇතුලේ ගලාගෙන යන්නේ ලේ කියල විශ්වාස කරන්න බැරි තරමට අපි උණුහුමක ගිලිලයි හිටියේ.
එයා ඇහිපිල්ලන් ගහද්දි මගේ කම්මුලේ වැදෙනවා.ඒ කියන්නේ එයා තාම ඇස් ඇරගෙන.
“ස්වාරා...”
“ම්ම්ම්..”
“මම
ඔයාට ආදරෙයි කියල කියන එක කල් දාන්න තීරණය කලා”
ඒ
ඇයි කියල අහන්න මට ඕනි වුණේ නෑ.ඇත්තටම මට ඕනි වුණේ නැහැ මේ “බැඳීම”,
“සම්බන්ධයක්”
වෙනවා දකින්න.
පොඩ්ඩක්වත්
හුස්ම ගන්නැතුව ජනූගෙ ඇස් අස්සේ කිමිදෙන්න මම තීරණය කරලා ඉවරයි ඒ වෙද්දීත්.
ලෝකේ
ලස්සනම සුදු පාට පෙන්න අරගෙන තිබුනා ඒ වෙනකොට. පොඩි මල් වැස්සක් එක්කම.
“ඕපදූප
හොයන ගෑනු ළමයෙක්, දවසක් දැක්කලු දඟ කරන අකුරු තියෙන ඇස් දෙකක්. ඒ ලස්සන කොලුවට
ඇස් වහගන්න අමතක වෙන තරමටම ඒ ගෑනු ළමයා හොරගෙඩියෙක් වගේ වැස්ස දිහා බලන් උන්නලු.”
එහෙම්පිටින්ම
නීලවර්ණයව අමතක වෙලා ගිය මොහොතක,ජනූ රහස එළි කලා.
හ්ම්ම්.ඉතින්
එච්චරයි.
වැස්ස
දිහා හොරෙන් බලන්න එපා කිව්වේ ඇයි කියලා, මම ඒ වෙලාවේම තේරුම්ගත්තා.
තව එකක් ලියන්නකෝ.... මේක ලස්සනම ලස්සනයි!
ReplyDeleteහෙහේ.... හිටපු ගමන් දේවල් හිතෙන එක නවතින එකනේ වැඩේ.
Deleteතැන්කු බස්සි අක්කේ ! :)
ලස්සන කතාවක්..... නියමයි
ReplyDeleteබොහොම ස්තුතියි කුරුටු :)
Deleteබස්සිගේ ස්ටයිල් එකේම රොමැන්ටික් කතාවක් බුලටියේ. මේ හෙට අපි හමුවෙනව නේද? නුවරදි?
ReplyDeleteහෙහේ..ටැන්කු නලින් මාමේ. බස්සි අක්ක අහලකටවත් එන්න බෑ මට.බස්සි අක්ක හෙන ලස්සනට ලියනවා මීටත් වඩා... :) ඔව් ඔව්....අපි හම්බෙනෝ.... :)
Deleteලස්සන කතාවක් කෙල්ලේ.............
ReplyDeleteබොහොම ස්තුතියි බණ්ඩෝ :) :)
Deleteනිල වර්ණය මොකටද බෝතල් අඩි කන්නාඩිය ඉන්නේ
ReplyDeleteදවස් ගානක් පෙරුම් පුරලා අද කියෙව්වා බතලියේ ලස්සනයි දිගටම ලියන්න
Hamme anu owa
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteanu meka harima lasssani..digatama liynna...
ReplyDelete