Wednesday, January 28, 2015

විකෘති

විකෘති..


 "  ඇයි? "

 "  ඇයි  අහන්නේ?"

 "  මග අරින්න හදනවද ?"

 "  නෑ.දන්නේ නෑ.අනේ මන්දා.මට තේරෙන්නේ නෑ."


මං විදුලි සෝපානයකින් විසිහතරවෙනි තට්ටුවේ ඉඳන් පහලට පහලට ගමන් කරමින් හිටියා.මට මාවම පාලනය කරගන්න බැරි මොහොතක් එන බව මම කලින්ම දැනගෙනයි හිටියේ.
ඒ තරමටම මට අමුතු දේවල් හිතුනා.හැමෝම කියන්නා වගේ එයාට තිබුන දිලිසෙන ඇස් මට පෙනුනේ නෑ.හැමෝම කියන එයාගේ හිනාව මට පෙනුනේ මට විරිත්තනවා වගේ.
 “මං කැමති උනේ නෑ.මුල ඉඳන්ම මම කැමති උනේ නෑ.ඇයි පිළිගන්නේ  නැත්තේ.”

  මං මගේ හිතට ආයෙත් කෑ ගහමින් හිටියා.

ඒත් මං කැමති උනා..අකමැත්ත යට කරන් කැමති උනා.


                     

“එන්න ටිකකට”

“ඔව් ඔව් ඔයා තමයි.”

මාව වෙව්ලන්න ගත්තා.හිත ගැහෙනවා වැඩි උනා.කන්දෙක රතු වෙනවා මටම දැනුනා.
එකයි.දෙකයි.තුනයි.මං අඩි තුනක් ඉස්සරහට තියනකොට ඊට වඩා දෙගුනෙක වේගෙකින් එයා මගේ ළඟට ආවා.

මං දිහාට දික් කරපු අතේ මොනාදෝ කෑමක් තිබුනා.සිහියකින් හිටියේ නෑ මං ඒ වෙලාවේ,මොකද්ද කියල බලාගන්නවත්.

"ගන්න"  දිලිසෙන ඇස් මට ආයාචනා කරද්දී,එයා මගෙන් ඇහුවේ "එපාද" කියල විතරයි. "මේ ඔයාගේ ආයතන ප්‍රධානියා.ඔයාගේ විතරක් නෙමෙයි.අනික් හැමෝගෙමත්.ගන්න.කමක් නෑ." හිත මට අවසර දුන්නා.

ගනිද්දී මට දැනුනේ එක දෙයයි.

"ඉනාවක්."

ඔව්.මේක ඉනාවක්.


වහින්න පටන් ගත්තා.
මේ හවස.

අනෝරා වැස්සක් නෙමෙයි.ඒත් පොද වැස්සකුත් නෙමෙයි.

කතා පොත් වල තියන තරම් ලස්සනට වැස්සේ නෑ.ෆිල්ම් වල වගේ මට මේ වැස්සේ පාරට බැහැල නටන්න හිතුනෙත් නෑ.
මඩ වතුර පිරුණු වලවල් උඩින් පැන පැන, කලබල වෙච්චි මිනිස්සු ගොඩක් මැද්දෑවෙන් මං මගේ ගෙදරට යමින් ගමන් හිටියේ.
"ටිකට් එකක් ගන්නවද"
මාව පියවි ලෝකෙට ගේන්න ඒ කටහඬ හොඳටම ඇති.

'මොන ටිකට්ද ?'  
මං ඇහුවේ නෑ.අහන්න හිතුනෙත් නෑ.එයා ඔහේ ලොතරැයි වගයක් ගැන කියෝගෙන ගියා.

උසයි.කෙට්ටුයි.සුදුයි.නෑ.එයා සුදුමැලියි.දුඹුරු පාට නිදිමත ඇස්.ගෑනු ළමයෙක්ගේ වගේ සිනිදු පාට කෙස්...පරණ පාට ඇඳුම්.....

මිනිස්සුන්ට ප්‍රතිචාර දක්වනවට වඩා ඒ මිනිස්සු දිහා ඔහේ බලන් ඉන්න එක මට පුරුද්දකට ගිහින්.

"ගන්නවද මිස්" ආයෙත් මට ඇහුණා.


මං ගෙදර යන්න පටන් ගත්තා.



"ඇයි බං උඹ කැමති නැත්තේ?"

"බලහං.උඹ හෙන ලකී."

"අපිට එහෙම ඔය වගේ ටිකට් එකක් ඇදුනනම් දනී කරන දේ"

මාත් එක්ක ඔෆිස් එකේ ලන්ච් ගන්න යාළුවා තාරි ඔහේ කියවනවා.

"දන්නේ නෑ."
"ඒත් කැමති නෑ"


මට කිසිම හැඟීමක් දැනුනේ නෑ.
හීතල වෙලාවට හීතලවත්,රස්නේ වෙලාවට රස්නයක්වත්,රිදෙන වෙලාවට රිදීමක්වත්.
නෑ මට දැනුනේ නෑ.

මට ඕනි සාමාන්‍ය කෙල්ලෙක් වෙන්න.

මහේල්...........
මාව දාලා ගිහින් දැන් අවුරුදු අටක්.මං ඒලෙවල් ඉවර  කරලා දවස් තුනක් ගියේ  නෑ මහේල් මාව දාලා ගියා.

තාත්තා...මගේ තාත්තා තමයි මහේල්.

කිසිම හේතුවක් නොදන්වල තනියම යන්න තීරණය කරලා තිබ්බා.

එදා රෑ අපි දෙන්නා හරිම ආදරෙන් තුරුල් වෙලා නිදාගත්තා.
උදේ වෙද්දී එයා ගිහින්.

හෙව්වා.අවුරුදු අටක් තිස්සේ.මට මහේල් ව හම්බුනේ නෑ.
ඒ වෙනුවට තාත්තගේ රස්සාව මට හම්බුනා.



"සුකී..."

අහල පුරුදු නමක්.මං කල්පනා කළා.මට ඒ ඇහුන කටහඬ අමතක කරලා "සුකී"ගැන මම කල්පනා කළා.

දෙවියනේ!! සුකී කියන්නේ මම.

මාවත් අමතක වෙන තරමටම මට මොකද්ද වෙලා තියෙන්නේ?

හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට මම මගේ ආයතන ප්‍රධානියාට යටත් වෙලා තිබුනා.

දිලිසෙන ඇස්..

ඉනාව වැඩ කරන්න පටන් අරන්.

"හිනාවෙන්නකෝ කෙල්ල.ඇයි ඔයා කතා කරන්නැත්තේ?මොනාහරි කියන්නකෝ"...
ආයතන ප්‍රධානියා මං ළඟ නැලවෙන්න විධි හොයනවා.

"මේ රූම් එක රස්නෙයි"

 එයාගේ දිලිසෙන ඇස් දෙකෙන් මගේම නිරුවත මට  පෙනුනා..





මහේල්, මගේ තාත්තව හොයන එක මම නැවැත්තුවා.

හොයනවා කිව්වට මං හෙව්වේ නෑ.හිතින් මතක් කර කර හිටියා විතරයි.

නිස්සාරත්වේ පෙනී පෙනීම මං ලෞකික සැප හොයන්න හිතුවා.මට ලෝකෙට හිනාවෙන්න ඕන උනා.මට මහා කාලකණ්නි සතුටක් ලබන්න ඕනි උණා.මට පිළිලයක් වෙන්න ඕනි උනා.මට ගෑණියෙක් වෙන්න ඕනි උණා.මට තව රිදව ගන්න ඕනි උණා.

මං ආපහු පටන් ගත්තා.කාලකණ්නි හිතයි ,මූසල සිතුවිලියි පැත්තකින් තියල මගේ ආයතන ප්‍රධානියා එක්ක "අපේ ගෙදර" අලුතෙන් හදන්න.

26 comments:

  1. කාලෙකින් කියෙව්වා අමුතු කතාවක්.. අමුතු කිව්වේ ඉදිරිපත් කිරීම... බෝම ලස්සනයි.. මේ රිද්මය හරිම වේගවත්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දේශකයෝ....

      Delete
  2. නියමයි කෙල්ල මෙක නම්

    ReplyDelete
    Replies
    1. අම්මියෝ..දුමී මාමි ඇවිත්.තැන්කූ දුමී මාමි...

      Delete
  3. අඩේ පට්ටයි ඈ... දන්නවද මගෙ අයිඩියා ලිඳ හිඳිලා මේ ටිකේ. ඔයාගෙ බ්ලොග මට ඉන්ස්පිරේශන් එකක් වෙයි මං හිතන්නෙ.
    සුභපැතුම් අනූ නංගියෝ... මං ඔයාට හංචි කුචුමි කියන්නද?

    ReplyDelete
    Replies
    1. හා අක්කේ එහෙම කියන්නකෝ..බොහොම ස්තුතියි ඔයාට :) ඔයාගේ අයිඩියා ළිඳ හිදෙන්නේ නෑ අනේ...

      Delete
  4. හොඳයි... දිගටම ලියමු. අපි එන්නං කියවන්න.

    ReplyDelete
  5. මේ කතාව කියවලා වැඩියෙන්ම සතුටුවුණේ මමයි.......නියමයි කොතලබටේ....

    ReplyDelete
  6. තැන්කූ නලීන් මාමේ

    ReplyDelete
  7. ඩ්රැකී බොහොම ස්තූතියි යාලුවා.දිගටම ලියනෝ

    ReplyDelete
  8. හරිම ලස්සනයි දරුවෝ ,ලියන රටාව අපුරුයි
    ක්‍රිෂාන්ත හෙවාගිගන

    ReplyDelete
  9. දුවේ බොහොම අපූරුවට ලියලා තියනව සං‍තෝසයි....
    ඉස්සරහටත් මේ වගේම ලියන්න සුබ පැතුම් ඈ

    ReplyDelete
  10. මේ කතාවේ හිතන්න පැති බොහොමයක් තියෙනවා. සරලයි වගේ පෙනුනට

    ReplyDelete
  11. බොහෝම ස්තුතියි ක්‍රිශා මාමෙ. :-D

    ReplyDelete
  12. කවුද මේ ඇනෝ.මාව දන්න කෙනෙක් වගේ.බොහොම ස්තූතියි ඔයාට.

    ReplyDelete
  13. සුදීක මාමෙ.ලිව්වට පස්සෙ මටත් එහෙම හිතුනා.ගොඩාක් ස්තූතියි මගෙ බ්ලොග් එකට ආවට :-D

    ReplyDelete
  14. අපේ පුංචි කෙල්ලද මේ ලිව්වේ.හරිම අපුරු ලිවිමක්

    ReplyDelete
  15. අද ගොඩ උනේ... පට්ට... අමුතුම විදිහට ලිවිල්ලක්.... ඉස්සරහටත් මේවගේ හොදටම ලියන්න ලැබේවා .... :D

    ReplyDelete
  16. ඔව් Nizi අයියේ...තැන්කූ හොදේ !

    ReplyDelete
  17. සංජීව යාලුවේ.ගොඩාක් ස්තූතියි ආවට.ඉඩ ලැබුණු වෙලේක ඇවිත් යන්න එන්නකො.දිගටම ලියනවා.:-D

    ReplyDelete
    Replies
    1. නිතරම ගොඩ වෙන තැනක් බවට පත්වේවි.... ජයවේවා

      Delete
    2. බොහොම ස්තුතියි...

      Delete
  18. අන්තිම ටික නම් පැහැදිලි උනේ නැහැ, හැබැයි වෙනස් රාමුවක්..
    දිගටම ඔහොම යමු, සුභපැතුම්.

    ReplyDelete
  19. බොහෝම ස්තූතියි යසිත්.අන්තිම ටික කිව්වෙ කොතන ඉදන්ද කියලා කිව්වොත් මට පහසු වෙයි.:-)

    ReplyDelete
  20. හම්මෙ නමෙන් කොමෙන්ට් කරන විදිය හොයාගත්තෙ දැන් දුවේ....

    ReplyDelete
    Replies
    1. මොංගල්....ඇති යන්තම් හොයාගත්තේ ;)

      Delete