Monday, January 19, 2015

මේ ඒයි.....

ක්ලිනික් එකේදි මට හම්බුනා හොද යාළුවො ටිකක් ඒයි..
පහල ගෙදර රෝසි එක්ක එහා ගමේ විමලයි,
කඩේ ගෙදර ඩයනයි තව කුරුදුවත්තේ ටීනයි.
අපි ඔක්කොම pregnant වෙලානේ.
ඈ...... මොකක්ද? ඔයාටනම් විහිලු ඒයි..



රෝසි ඇන්දේ ත්‍රී ක්වාට(ර්),
මටත් එකක් ගන්නයි..
විමල කියපු පෙත්ත අරන්,
මහත් නොවී ඉන්නයි...

ඇපල් එක්ක ඔරේන්ජ් ජූස්
හොඳයි කියපු හින්දයි..
තැම්බුම් හොදි එපා වෙලා
ඒවා ඔට්ටු නෑ මයි.
අනේ ඒයි අපිත් හනික,
රෝද දෙකක් ගන්නයි..
කඩේ ගෙදර ඩයන ආවේ,
මරුටි එහෙක හින්දයි..

ලොකු වෙනකොට අපේ දරුවා
ලැජ්ජා නොවී ඉන්නයි..
ලෝන් එකක් දමලා
හරි වාහනයක් ගන්නයි..

ටීන කිව්වේ අපි ඔක්කොම,
ජිම් යමු කියල..

දරුවා හම්බුනාට පස්සේ හ
හැඩට මමත් ඉන්නයි..
බස් එකේම එන්නේ නැතුව
ඔයත් පයින් එන්නයි...
.
.
.
.
.
මොකද ඒයි සද්ද නැත්තේ..අනේ හා කියන්නකෝ.මේ ඔක්කොම අපේ දරුවා වෙනුවෙන්නේ.



"government හොද නෑ මෙයා.චී දැන් කාලේ හැමෝම යන්නේ private නේ."

"කට්ටියම එහෙ යද්දි අපි කොහොමද ඒයි ඉස්පිරිතාල ගානේ යන්නේ?
ඔන්නොහෙ අපිත් යන්....."

චැනල් කරලා ස්පෙෂලිස්ට් කෙනෙක්
ළඟට යන්නයි..
ඩොක්ට ටිකක් ක්ලෝස් කරන්
ශේප් එකේ  ඉන්නයි..
දරුවගෙ නම "ට්‍රිලීශියා"..
හිතලා මං ඉවරයි.
ඔයා මුකුත් කියන්නෙපා,
මගෙ තීරණේ විතරයි.
දැන් කාලේ ළමයිගේ නම්
ඉංගිරීසි විතරයි.
කඩේ ගෙදර ඩයන කිව්වේ,
මාත් එක්ක විතරයි..smile emotico


අනේ ඒයි ඔයා මොකද මේ මෙහෙම හැමදාම ඉක්මනට ගෙදර දුවන් එන්නේ?
"නෑ නෑ මට තනියක් නෑ අනේ.අපි කට්ටිය හවසට jogging path එකට යනවනේ.."
.
.
ඔන්නොහේ තව පැය දෙක තුනක් OT කරලා එන්නකෝ.
සෙනසුරාදා ඉරිදාත් ගිහාම වැඩි මහන්සියක් නැතුවම අපිට මේ ටික කරගන්න පුළුවන් ඒයි..
මේ ඔක්කොම දරුවා වෙනුවෙන්නේ ඒයි...



අහ්හ් කියන්න අමතක උනානේ ඔයාට.
හෙට අර ආශ්‍රමේ පූජාවක් තියනවලු.
රුපියල් පන්දාහේ පූජාවක් බාරගත්තොත් අපේ දරුවා අනිවාර්යෙන් doctor කෙනෙක් හරි engineer කෙනෙක් හරි වෙනවමලු.ඔයා නැතුවට කමක් නෑ.හෙට උදේට සල්ලි මේසේ උඩින් තියල යන්නකෝ........
නෑ නෑ....
මං ගැන බය වෙන්න එපා ළමයෝ..

පැටිය අපේ වාසනාව
හිතෙන්නෙම එහෙමයි..
කාටවත්ම කියන්නෙපා
ඇස්වහ නම් බෝමයි..
.
.
.
.
.
.
.
කොහොමහරි මේ ඩින්ගිත්ත කරගමු.
අපේ දරුවා අපිට වාසනාව ගේනවා ඒයි!!

7 comments:

  1. මේ තියෙන්නේ නියමෙටම. එත් පෝස්ට් මෙහෙම දිගට දාන්න එපා. ඡේදයක් ඉවරවෙන තැනින් පේජ් බ්රේක් එකක් දාන්න.

    ReplyDelete
  2. අනිත් බ්ලොග් අඩවිත් කියවන්න. ඒවාට කමෙන්ට් කරන්න. එවිට ඔබව සොයාගන ඒවි බොහෝ පිරිස්.

    ReplyDelete
  3. හේ හේ හේ........මේ ඔක්කොම දරුවා වෙනුවෙන්නේ....... :D (Y)

    ReplyDelete
  4. ඒකනෙ.දරුවො හින්දා තමයි ඔක්කොම.අමිල නුවන් යාලුවේ :-)

    ReplyDelete
  5. නිර්මාණය උපරිමයි, හොඳ මාතෘකාවක්, අපූරු සිද්ධි ගොඩනැගීමක්..

    ReplyDelete