Monday, January 19, 2015

මගේ ෆැන්ටසිය

හැමදාම අලුතින් පටන්ගන්න ඕන කියල හිතද්දී මොකක් හරි හේතුවක් හින්ද මාව ආපස්සට ඇදෙනවා.ජීවත්වෙන්න ඕන වර්තමානේ මිසක් අතීතේ නෙමෙයි.මං දන්නවා.ඒත් ඇයි මේ? 
මේ හැමදේම වෙන්නේ එක්කෝ මගේ හොඳකට.නැත්නම් වෙන කාගේ හරි හොඳකට.මට හිතන්න පුළුවන් එච්චරයි.
වෙලාවකට මට මහා විකාර දේවල් හිතෙනවා.

ඔන්න මට හිතෙනවා මං නිල් පාටට ආස නෑ.මං කැමති දම් පාටට කියල.ඊටපස්සේ මට නිල්පාට ගැන දුක හිතෙනවා.නිල් පාට පව් කියල මං අකමැත්තෙන් හරි නිල් පාටත් මගේ කැමතිම පාටක් කියල හිත හදාගන්නවා.
අන්න ඒ වගේ.
ඒකෙන් කියන්නේ මගේ හිත ටක්ගාල වෙනස් වෙනවා කියලද?
නෑ.මං එහෙම වෙනස් වෙන්නේ නෑ.
පටන් ගන්න ඕන ආපහු.මුල ඉඳන්ම ................
වැහැපන් වැස්ස!
කුණාටු ගැන නොහිතා වැහැපන්
ඉඩෝරේ ගැන හිතල වැහැපන්.
පොඩි දොළ පාරක් ගැන නොහිතා 
මහමුහුද ගැනම හිත හිත වැහැපන්.
කරුමේ උඹ පලයන් අහකට.
ඔද්දල් වෙච්ච හිත හෝදපන් කඳුළු වැස්ස.
කාලාන්තරයකින් වහින මේ අනෝරාවේ
මාව යටකරගෙන පලයන්.
හිස් වෙච්ච අලුත් බිමක,
මං මාවම ඉන්දවගන්නම්..
අලුත් මං ඉපදේවි.

-අනුත්තරා

10 comments:

  1. දැන් ඉතින් දිගටම ලියයන් තමා තියෙනනේ.

    ReplyDelete
    Replies
    1. හරි මාමේ..ටැන්කු උදව්වට :)

      Delete
  2. හිත කියෙවුවා වගේ.දිගටම ලියහන් නඟේ ජය උඹට

    ReplyDelete
    Replies
    1. Nizi බෝම ස්තුතියි ඔයාට.දිගටම ලියනෝ ....

      Delete
  3. මරු.................... :)

    ReplyDelete
  4. ඔය ඇවිත් ටියෙන්නෙ ගානට..ඕම ලියාගෙන යමුකො

    ReplyDelete
  5. හරියෝ......ටැන්කු

    ReplyDelete
  6. උඹට පිස්සු නේන්නං. ඒකනෙ මං මෙච්චර කැමති.
    හංචි කුචුමි! දිගටම ලියන්න හොඳේ....

    ReplyDelete
  7. හලියෝ බස්සි අක්කෙ.දිගටම ලියනෝ.තැන්කූ ගොඩාක් !

    ReplyDelete