Monday, January 19, 2015

දෙන්න සිනහව රුපියලක දවටා..


දෙන්න සිනහව රුපියලක දවටා..
පොවනු ආදරය ටොෆියක රදවා,
දිලිසෙන පාට කොල මත,
ජීවිතේ සොයයි කිරි දරුවෝ.
වැදුනු දත් පහර කේඩෑරි වී ගිය බීම බටයක,
මකනු වස් අතට දෙමු සීතල හිමකිරමක්.
කාණු මත,අගල් වල,සෙවලැති දිය සීරා මැද
පිපුණු පාට මල්..සොයති බිලින්දෝ...
ගැන සිතා කෝපි ත්
බොයි නමුදු සීතල වතුර පමණක්. 
දකියි තම පිලිබිඹු
බිදුනු කැඩපතින් දරුවෝ.
සෙනෙහසේ පහස දෙමු
හිනාවට ආදරේ අපි. 
.
.
.

දෙන්න සිනහව රුපියලක දවටා.
කවදහරි.
                                           - අනුත්තරා

2 comments:

  1. අයික් කීම් කන්න මරු...මටත් ඔය කිරමක් දීකො

    ReplyDelete
  2. බෑ..රුපියලක් දෙන්නම් ඕනනම් :p

    ReplyDelete