Wednesday, February 11, 2015

දැකුළු මල් ආදරේ

 විලෝ ගස් වල ඉති හරි හරියට දඟ කරන්න පටන් අරන්.විල් එයිට්ලෙග්ස් එයාගේ පුංචි පෙම්වතියගේ කෙහෙරැල් වලට දැනෙන නොදැනෙන ගානට හුස්ම පිඹිමින් හිටියා.පුංචි වා කවුළුව දිගේ එයාලා හිටපු තැනට ආපු හුළං රොදවල් හින්දා පුංචි මයිටිගේ ඇසිපිය වේගයෙන් සැලුණා.


ඔයා දන්නවනේ විල්...
මම ගොඩාක් ආසා කරන එකම එක බලාපොරොත්තුවයි තියෙන්නේ කියලා.ඒ මිලර් නෝනා කවදාහරි අපිව ආදරයෙන් එයාගේ පවුලට පිළිගනීවි කියන එක විතරයි කියල ඔයා හොඳටම දන්නවනේ විල් ...”


පුංචි මයිටි එයාගේ ඉඳිකටු තුඩු වගේ ඇඟිලි තුඩු වලින් කඳුළු පිහදාගන්න ගමන් කෙඳිරුවා.


“මං දන්නවා මගේ සුරංගනාවී..
මං පොරොන්දු වෙනවා ! මං පොරොන්දු වෙනවා මගේ පුංචි මයිටි කුමාරිව  කවදාහරි මිලර් නෝනා ළඟට එක්කන් යනවමයි කියලා.”

විල් එයිට්ලෙග්ස් මහත්මයා බොහොම බැරෑරුම් විදිහට පොරොන්දු උනා.


“හ්ම්ම්ම්...නොයෙල් ඉන්නකම් ඒක හීනයක් විතරයි විල්.මිලර් නෝනා ආදරේ නොයෙල්ට විතරයි.”


පුංචි මයිටි කෙල්ල විල්ගේ කම්මුලේ යාන්තමට හාදුවක් තවරලා තරප්පු පේළියේ අත්වැලට පැන්නා.
“පරිස්සමෙන් මගේ විල් කුමාරයෝ..මං ගිහින් එන්නම්”
“ඔයත් පරිස්සමෙන් මගේ පුංචි සුරංගනාවී!”

විල් මහත්මයාගේ කටහඬ මයිටි කෙල්ලටවත් නෑසුන තරම්.


                         


                    ...........................................................................



“නොයේ.....ල්... කෝ මගේ හුරතල් නොයෙල් බ්ලැක් අයි මහත්මයා?

මෙහෙට එන්න නොයෙල්..ඔයාගේ දවල් කෑම වෙලාව හරී....”

හරිම කම්මැලිකමකින් සෝපාවේ මුල්ලක ගුලි වෙලා හිටපු නොයෙල්ව උකුලට අරන් මිලර් නෝනා ආදරෙන් ඔලුව අතගෑවා.

කව්ද මේ නොයෙල් කියන්නේ?

නොයෙල් කියන්නේ ගිය අවුරුද්දේ වැලන්ටයින් දවසේ ජෝජ් මහත්තයගෙන් මිලර් නෝනට හම්බෙච්චි තෑග්ග.මෙයා හරිම ලස්සන පර්සියන් පූසෙක්.ක්රිසන්තිමම් මල් කූඩයක් මැද්දේ ගුලි වෙලා හිටපු ඒ පූස් පැටියා දැන් හරිම කම්මැලි මහත බළල් තඩියෙක් වෙලා.


දැන් ඔයාලා මගෙන් අහන්නේ නැද්ද කවුද විල් සහ මයිටි කියලා?

විල් සහ මයිටි....මේ දෙන්නා ආදරණිය මකුළු යුවලක්...

මයිටි ෂයිනිලෙග්ස් පදිංචි වෙලා හිටියේ මිලර් නෝනගේ ගෙදර  ස්ටෝරු කාමරේ.එතකොට අපේ විල්,ඒ කිව්වේ විලියම් එයිට්ලෙග්ස් පදිංචි වෙලා හිටියේ මයිටිගේ ගෙදරට ස්පයිඩර් සෙන්ටිමීටර් 62 කට එහා තිබුන මිලර් නෝනගේ තාත්තා,මිස්ටර් හෙක්ටර්ගේ පින්තූරේ පිටිපස්සේ.


හැමදාම දවල්ට මිලර් නෝනා පුංචි නින්දක් දාන හින්දා ඒ වෙලාව අතරතුරේ තමයි විල් සහ මයිටි හම්බ උනේ. 
                                                           
   මොකද මිලර් නෝනා මකුළුවන්ට හරිම බයයි.මකුළුවන්ට විදින ස්ප්‍රේ එකක් හැමවෙලේම එයා ළඟ තිබුනා.හැම සති අන්තෙම ගේ පිරිසිදු කරන්න එන තරබාරු කෙනී නෝනටත් දුටු තැන මකුළු ගෙවල් කඩල දාන්න කියලයි මිලර් නෝනා උපදෙස් දීලා තිබුනේ.

ඒ මදිවට අර කම්මැලි බඩ තඩියා නොයෙල් බ්ලැක් අයි පුරුපුරුවත් බලන් හිටියේ මේ ගෙදර ජීවත් වෙන හූනු පවුල් වලටයි මකුළු පවුල් වලටයි ඇහැ ගහගෙනමයි.ඒ හින්දා මේ කට්ටිය ජීවත් වුනේ බොහොම පරිස්සමෙන්.  

                                        
                             ........................................................
“ මොකට අර නොයෙල් තඩියා අපේ පස්සෙන් පන්නනවද මන්දා.මේ ගෙදර 
ඉන්නෙත් මිලර් නෝනයි ජෝජ් මහත්තයයි විතරයි.කසාද බැඳලා අවුරුදු 5ක් ගියා තාම බබෙකුත් නෑ.ඉතින් අපි හිටියට මක් වෙනවද?

ඔයාට කියන්න ලිලී නෝනා,අපේ නැන්දම්මා කියනවා මිලර් නෝනට තාම බබාලා නැත්තේ අපිට මේ ගෙදර ඉන්න දෙන්නැතුව කරදර කරන හින්දලු.”

උදේ පාන්දර කෑම හොයන්න යන ගමන් මයිටිගේ ගේ ගාව නැවතුනු ඩොලී හූනු නැන්දා මයිටිගේ අම්මා එක්ක කියපු කතාව මයිටි අහන් හිටියේ හරිම දුකෙන්.


“ඇයි මේ හැමෝම මයිටි නෝනට ඇනුම් පද කියන්නේ? චී..හරිම නරකයි මෙයාලා.හරිම නරකයි.”


මයිටිට කේන්ති ගිය පාර  අලුතෙන් වියමින් හිටපු ජනෙල් රෙද්ද තව හයියෙන් වියන්න ගත්තා.
  
                           ..........................................................


“ මිලර්..කෝ ඔයා.මම  ආවා.......

   ඇවිත් බලන්න මම ඔයාට මොනාද ගෙනාවේ කියලා..”

ගොවිපලේ ඉඳල ගෙදර ආපු ජෝජ් මහත්තයා මිලර් නෝනට කතා කරනවා ඇහුනු අපේ විල් හොරෙන්ම ඒ පැත්තට එබිකම් කළා.හම්මේ...ලස්සනම ලස්සන ලොම් කබායක් ගෙනල්ලා ජෝජ් මහත්තයා මිලර් නෝනට.කළු පාට වයිරම් වැටුණු  දුඹුරු පාට ලොම් කබාය හරිම උණුසුම් පාටයි.


“ මේ එනවා ජෝජ්..මම මේ රෑ කෑමට ඔයා කැමතිම ජාතියේ සුප් එකක් හදන ගමන්”


ක්‍රීම් පාට සැහැල්ලු රෑ ඇඳුමකින් සැරසිලා හිටපු මිලර් නෝනා,ජෝජ් මහත්තයගේ දෙතොලට ආදරණිය හාදුවක් දෙද්දී අපේ විලියම් මහත්තයටත් ඉබේම හිනාවක් ආවා.

“ආනේ..ජෝජ්..ඔයා මට කබායක් ගෙනල්ලා,කොච්චර ලස්සන කබායක්ද මේක.ඔයාට බොහොම ස්තුතියි මගේ ජෝජ් පැටියෝ..

ඒත් ජෝජ් ඇයි මේ හදිසියේම මට තෑගි ගෙනත්? වැලන්ටයින් වලට තව දවස් තියනවනේ කොල්ලෝ...”

වැලන්ටයින් ගැන අමුතුම බලාපොරොත්තුවක්  විලියම්ගේ හිතේ ඇති කරමින් මිලර් නෝනා හරිම සතුටෙන් කබායේ හැඩ වැඩ බලමින් හිටියා.

“අනාගතේ ගැන කියන්නේ කොහොමද පුංචි කුමාරියේ..”

මිලර් නෝනගේ  කොන්ඩේ ලාවට අතගාගෙන ජෝජ් මහත්තයා නාන කාමරේ පැත්තට ගියා...
               .....................................................................................

      “ලා...ලා...ලා...
      අව්වට දිලිසෙන ඇඟිලි තුඩු අගෙයි..
      සතුටුයි මට දැන් සතුටුයි..
      පුංචි මයිටි දැන් මගෙමයි..
       ලා ...ලා...ලා...”


අපේ විලියම් හරිම සතුටෙන් සින්දුවක් කියන ගමන් එයාගේ හොදම යාළුවා ෆාගෝ ස්ලිපරි ලෑ දිහා යන්න පිටත්  උනා..ෆාගෝ කියන්නේ පුල්ලි හූනෙක්.හරිම විනෝදකාමී චරිතයක් උන මෙයා අපේ විල් ව ආදරෙන් පිළිගත්තා.

“ඉතින් මගේ මිත්‍රයා..
ඔයා  නම් බොහොම සතුටෙන් වගේ..කියමු බලන්න විස්තර අලුත්”

විල් ඉතින් අර ජෝජ් මහත්තයා මිලර් නෝනට තෑගී දීපුවා අරවා මේවා ඔක්කොම ෆාගෝ එක්ක කියවන්න පටන් ගත්තා.


“ෆාගෝ..මගේ මිත්‍රයා,මගේ සුන්දරී මයිටි ටත් වැලන්ටයින් දවසට තෑග්ගක් දෙන්න ඕන.
ඇය කැමති වේවි නේද පිණි බින්දු තවරපු සේද ගවුමකට..මම හිතන් ඉන්නේ ඇයට ගවුමක් තෑගි කරන්න.”


විලියම් ෆාගෝට එයාගේ අදහස ඉදිරිපත් කළා.

“එය කදිම අදහසක් මගේ මිත්‍රයා.ඒත් ඔබට හිතෙන්නැද්ද ඇයට අලුත් නිවසක් සාදා දුන්නොත් එය වඩාත් හොඳ තෑග්ගක් වන බව.දැන් දැන් ස්ටෝරු කාමරේ පාවිච්චිය වැඩි හින්දා එහි වාසය කීරීම මයිටිට අනතුරුදායකයි මම හිතන්නේ.”


“දෙවියනේ ෆාගෝ..ඔබ කියනකම් මට එය මතක් නොවුන සැටියක්...ඔබට බොහොම ස්තුතියි මගේ මිත්‍රයා..මම දැන්ම පිටත් වෙනවා අලුත් මකුළු නිවසකට තැනක් හොයන්න..”


ඉතාමත් කලබලයෙන් ෆාගෝ ට සමුදුන්න විල් විග විගහට කොහේදෝ දුවනවා තව එක්කෙනෙක් හොරෙන් බලාගෙනයි හිටියේ.

නොයෙල් බ්ලැක් අයි!!


විල් ගෙයි, ෆාගො ගෙයි  කතාව අහන් හිටියේ නොයෙල් මිසක්  වෙන කවුද?

නොයෙල් කාටත් හොරා අමුතුම වැඩකට ලැස්ති වෙමිනුයි හිටියේ.





25 comments:

  1. නිදිමත යන්නත් එක්ක මේ පැත්තෙ ආවා...
    එතකොට තමා මේක දැක්කෙ...සා දක්සයි ඈ..ටික ටික දියුනු වෙනවා සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ටැන්කු මොංගල් ඇනෝ....නිදිමත ගියාද ඉතින්...

      Delete
    2. හුම්ම්ම් පාඩන් කරන ගමන් ඉතින් ආවෙ මේ පැත්තෙ..දැන් හරි...අදුරගත්ත නෙහ්?

      Delete
    3. ඔයැස්...මං අදුනනවා ටෝ හොඳට

      Delete
    4. කවුද මේ ඇනෝ මාත් දන්න කෙනෙක්ද?

      Delete
    5. මන් හිතන්නෙ දන්නෙ නෑ....

      Delete
  2. පස්ට මෙහෙම යං දිගටම

    ReplyDelete
    Replies
    1. thanks naleen maame.koheda athurudahan une :( mama me thama hoyanawa

      Delete
    2. මම ටිකක් බුකියෙන් ඈත් වුණා. බ්ලොග් තුළ ඉන්නවා දිගටම.

      Delete
  3. වැලන්ටයින් ... ඊඊඊඊඊඊඊයා

    හැකියාව නම් අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. e moko yasith valantine eeeeeeeyaaaaaaaaa kiyanne?


      hakiyawa age kalata thanku so much.

      Delete
  4. වැඩේ තීන්නෙ මට මේ වගේ කළුා කියද්දි නම් ටැපලෙන එක.....ඒ නිසා පූසයි මකුළුවයි මාරැ උනා සමහර තැන්වල.... :) (සස්සනයියියියියියි......... (Y) )

    ReplyDelete
    Replies
    1. anith sare lesi nam tikak dannam amila ayye...........thank you.......... :) :*

      Delete
  5. මට කිව්වෙ නෑ බ්ලොග් එකක් හදුව කියල :'(

    ReplyDelete
  6. දැන් කිව්වානේ. සොරි හොදේ :) :)

    ReplyDelete
  7. දිගටම ලියමු.. ජය වේවා..! :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අශාන් :)

      Delete
  8. අදනෙ යකෝ මේක දැක්කේ

    ReplyDelete
    Replies
    1. හේ....වැඩි දවසක් නෑනේ පටන් අරගෙන අටම්පහුරේ යාළුවා.......

      Delete
  9. මම නම් ගොඩක් තුතීයි ...මි කතා ඔලට.....
    දිගටම ලීන්න උයා........
    බලන්න එනිවා දිගටම......
    ගුණ දොස් කියන්නම් පතුවට ....
    උම්මා.....මනිකිත......

    ReplyDelete
    Replies
    1. දිගටම ලියනෝ තූති බබෝ..බෝම ඉක්කෝතුයි.උම්මා...........

      Delete