ඇය සිනහවෙන්ම මා දෙසට අත දිගු කර බලා සිටියි.
“ඔයාටයි
මේ ගෙනාවේ.ගන්න ඉතින්...”
මාගේ
අවිශ්වාසී බැල්ම ඇගේ දකුණු අත්ල වෙත යොමු වෙයි.නේකවර්ණ වූ වීදුරු වළලු පිරි රෝස පැහැති
අත්ල මත කුඩා මොට්ටු කීපයකි.
ඇය
සෙමෙන් මා අසලටම ලං වනු පෙනෙයි.
“ලස්සනයි”
ඇය
සිනාසෙයි.
කවුරුන්
හෝ දකින්නට පෙර මොට්ටුව මාගේ දෑතට ගනිමි. නොදැනුවත්වම මා මුවේ සිනාවක්
පොපියයි.
“අමන්..මම
යනවා.අප්පා බලාගෙන ඉන්නවා ඇති..”
මා
හට එකදු වදනක් පැවසීමට ඉඩක් නොතබාම ඇය කෙළිලොල් දඟයකින් දුව යනු මට පෙනෙයි.
ඇයට
ස්තූති කිරීමට අමතක වූ බව මා හට සිහියට නොනැගෙයි.
මා
සතු වූ මහාර්ඝ වස්තුව දෙස නැවත නෙත් යොමමි.
මොට්ටුවක්!
රතු දුඹුරු පැහැ මොට්ටුවක්!
......................................................................
මිසොරාමයට
හිරු පායා ඇත.සිහින් මීදුම් පටලයක් හතර අත වෙලී යනු පෙනේ.චිට්ටු මාමාගේ කඩේ තේ
හැඳි ගැටෙනා ශබ්ධයත් මීරා නංගි, අම්මා සමග එක්ව රාම් දෙවියන් උදෙසා ස්ත්‍රෝත්‍ර
ගායනා කිරීමත් එකට මුසුවීමෙන් ඇතිවන ඒකාකාරී වූ හැගීමකින් මා සිත දවයි.
“හරන් භව් භයි
දාරුනම්..
කර් කාන්ජ් පත්
කන්ජාරුනම්...”
මමද සෙමින් මුමුනමි. නිතර දොඩමළු වන සිත, නිදහසක්
සොයයි.ජීවිතය දෙවියන්ට භාර දීමට නොහැකි සෙයක් මට දැනෙයි.
සඳුන්
දුමාරය ඔස්සේ ගෙතුලින් පිටතට පා තබමි.
“අමන්...එළියට
යනවනම් චිට්ටු මාමාගේ කඩෙන් මුදවපු කිරි ටිකක් අරන් එන්න. අද අභී ගේ අම්මයි
තාත්තයි එනවා කිව්වා.”
අභී
එන්නේ නැතිදැයි අසන්නට සිත දෙයි.නමුත් නොඅසමි.
කතාබහ
අඩුකොට බොහෝ කල්ය.දිල්ලියේ සිට මිසොරාමයට පැමිණීමට පෙර සිටම කතාබහ අඩුකලෙමි.
සිනාසුනෙමි.
හිස වැනුවෙමි.
ඔව්
කීවෙමි.
නෑ
කීවෙමි.
කිරි
ටික නිවසට යවන ලෙස චිට්ටු මාමාට පැවසීමි.
කඩේ
සිටි ගුරාම් මාමාත් සොහායිල් මාමාත් මුමුණනු පෙනෙයි.ඒ මා පිලිබඳ බව දනිමි.
මිසෝරාම්
ඇළ වෙත යා හැකි ගුරු පාරට පිවිසුනෙමි.හීන් හිරිගඩු නංවන සීතල පසාරු කර මතකයන් මා
හිරිවට්ටයි.
.....................................................
කහ
පැහැති දවසක් බව මා හට මතකය.මා හට මිනිත්තුවකට බාල මීරා සමග බයිසිකල් රෝදයක්
පදිමින් සිටියෙමි.
මොරිස්
ඔස්ටින් රථයක් මිදුලේ නවත්වනු දුටු අප දෙදෙනා නෙත් අයා බලා සිටියෙමු.
ගෙයි
පිලෙහි සිට වී තෝරමින් සිටි අම්මා සාරි පොට ඔලුවේ රඳවාගෙන වහ වහා ගෙතුලට ගිය
අයුරුත් ඒ සමගම අප්පා වේට්ටිය හා බැනියම
පිටින්ම එලියට පැමිණි අයුරුත් මා හට මැවී පෙනෙයි.
“
සුබ්‍රමනියම්...මගේ සහෝදරයා!....”
අප්පා
ඔහුව වැළඳගෙන පිළිගනිත්දී, ආරතී නැන්දා
පසුපස කෝළ වෙමින් සිටි අභී ව අප දෙදෙනා දෙසට තල්ලු කලේ සුබ්‍රමනියම් මාමාමය.
අප
තිදෙනා තනි වීමු.
අභී
තවමත් කෝළ වෙයි.
මීරා
ඇගේ අතකින් අල්ලාගත්තාය.
“ඔයාගේ
ගවුම හරි ලස්සනයි.”
හැමදාම සාය හැට්ටය අඳින මීරා අසාවෙන් අභී දෙස බලා
සිටි.
අභී
සුරගනක සේ සිනාසෙනු පෙනෙයි.
මම
බලාසිටිමි.
ඇගේ කහ පැහැති මල් ගවුම පිලිබඳ මා හට ආසවක් ඇති
වී නමුදු එය අතගා බැලීමට ඇති ආසාව යටපත් කරනිමි.
“අම්මා
කිව්වේ මෙහෙ අක්කලා දෙන්නෙක් ඉන්නවා කියලානේ”
ඇය
මා දෙස බලා සෙමින් මුමුණනු මා හට තවද ඇසෙන්නාක් මෙනි.
සුබ්‍රමනියම්
මාමා කුඩා කල අප්පාගේ පන්ති සගයාය.විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කල හෙතෙම ස්ථාන
මාරුවක් හෙයින් බොම්බායේ සිට නැවත මිසෝරාම් වලට පැමිණ සිටියේය.
“මනී
මට කිව්වේ ගෑනු දරුවොම දෙන්නෙක් කියලනේ.අනේ මම ඉතින් ගවුම් දෙකක් තමයි ගෙනාවේ.”
ආරතී
නැන්දා පසුතැවිලි හඬකින් අම්මා සමඟ පවසනු ඇසෙයි.
සියුම්
කෝපයක් දැනුනද ගවුම කෙරේ මසිත ඇලී යයි.මීරා ගේ මුහුණේ සතුට දොර ගලනු පෙනෙයි.
“අමන්
මෙහෙට එන්න පුතා..”
“පුතාට
මොනාද ඕන?”
ආරතී
නැන්දා මගේ හිස අතගායි.
“ගවුමක්...මට
මේ ජාතියේ ගවුමක් ඕන.”
මම අභී දෙසට දබරැඟිල්ල දිගු කරමි.
සියල්ලෝ
සිනාසෙති.හිතේ කලබලයෙන්ම නැවත බයිසිකල්
රෝදය අතට ගනිමි.
....................................................................
අභී
හා මීරාගෙ ඇසුරෙන් සිදු වූයේ මා තවත් ස්ත්‍රීත්වයට ආශා වීම පමණකි.
ඔවුන්
සාරි ගත දවටන විට මටද සාරි ඇඳීමට සිත්විය.
කොණ්ඩ
කැරලි අග පිච්ච මල් ගවසනු දුටු මා හටද පිච්ච මල් ගැවසීමට අවැසි විය.
මාගේ
දෙඅත් ද වීදුරු වළලු වලින් අලංකාර කර ගැනීමට සිහින දැකීමි.
නළලත
මොට්ටුවක් තබා හැඩ බැලීමට ආශා කලෙමි.
පුංචි
රත්‍රන් බෝලයක් අගට සම්බන්ධ වූ කරාබුවක් පැළදීමට ද මා ඉතා කැමැත්තෙන් සිටියෙමි.
“මේ
සියල්ල ඔවුන් නිසා.මේ සියල්ල ඔවුන් නිසා.”
මා
හට වරදකාරී හැඟීමක් දැනෙන සෑම විටෙකම මෙලෙස සිතුයෙමි. සැබවින්ම එලෙස වරදකාරී හැගීමක්
දැනීමට තරම් වයසක මා නොසිටියද මෙසේ ස්ත්‍රීත්වයට ආශා කිරීමේ යම් වරදක් ඇති බව
අවුරුදු අටක මනසට නොදැනුවත්වම වැටහුණි.
පාසලේ
අනිකුත් පිරිමි ළමුන්ට වඩා මා වෙනස් බව මා හටම දැනුනි.
“මට
මීරා ඉන්නවා.මට අභී ඉන්නවා.”
චන්ද්‍රන්,
විදූ ,කායල්,ෆාහඩ් ...මේ සියල්ලෝම මා නොපිළිගන්නා විට සිතුයෙමි.
අම්මාට
හා අප්පාට මේ පිලිබඳ වගක් නොවුණු සැටියකි. ගොවියෙකු වූ අප්පාට ඊට වඩා වැදගත් යයි
කියන්නා වූ රාජකාරි තිබුණි.
මීරා
සහ අභී සමග සාරි දවටන් කරන සෙල්ලම ඔවුන්ට කුඩා දරුවන්ගේ සෙල්ලමක්ම පමණක් වී.
.........................................................................
“අමන්....”
නොදැනුවත්වම මිසෝරාම් ඇළට පැමිණ සිටියෙමි.කල්පනාවෙන් මිදුනේ ගෞරව් අයියාගේ කටහඩිනි.
“දිල්ලි
වල ඉඳන් ආවා කිව්වට දැක්කේ අදයි. උපාධිය ඉවර කලාද මල්ලි?”
ඔහුගේ
නිර්ව්‍යාජත්වය හමුවේද මාගේ මුව නොසෙල්වෙයි.
හිස
වනමි.
පිරිසිදු
සිනහවක් නගන ඔහු මගෙන් ඈතට පිය නගයි.
අභී
පැමිණේදෝයි මා සිත කුකුසක් හට ගනී.අවුරුදු
කීපයකින්ම ඇයව නොදුටුයෙමි.ආසන්න වශයෙන් අවුරුදු හතක පමණ විය හැක.මා අවසාන
වරට ඇය ව දුටුවේ අප පාසල් ගමන අහවර කල අවුරුද්දෙය.එකල වයසින් අප අවුරුදු දහඅටක්
වන්නට ඇත.
යෞවනයේ දොරකඩින්
අප ඇතුල් වූවා පමණි.
නැවත
මා සිත අතීතයට එබිකම් කරයි.
“අමන්..මේක
අභී ඔයාට දෙන්න කිව්වා”
පිළිවෙලකට නවන ලද කොල කැබැල්ලක් ඇය මා අත ගුලි කරයි.
අප
පාසලේම ඉගෙනගත් විභූ , අභී ගේ ප්‍රේමය පතා පැමිණෙන බව ඇය විසින්ම කියූ දිනයේ සිට
මම අභී සමඟ හිත නොහොඳින් පසු වීමි.
ඒ
අභී නිසා නොව ,මා සිත විභූ කෙරෙහි ආකර්ෂණය වී තිබුණු බැවිනි.
ඔබ
පුදුම වනවාදැයි නොදනිමි.ස්ත්‍රීත්වයට ආශා කල මම, පුරුෂත්වයට ප්‍රේම කිරීම පිලිබඳ
පුදුම නොවන්න.සමාජයෙන් ගැරහුම් නොලැබුවෙමි.උපහාසයට පත් නොවුනෙමි.මාගේ වාසනාවකට හෝ
අවාසනාවකට මාගේ සිතුවිලි දැන හුන් එකම පුද්ගලයා අභී පමණක්ම වී.හැඟීම් සඟවා ගැනීමට
තිබූ දක්ෂතාවය මත මා ලද එකම සහනය නම් වරින් වර මා පෙලන ලද වරදකාරී සිතුවිලි වලින්
මොහොතකට හෝ හිත නිදහස් කර ගැනීම පමණකි.
“මිසොරාම් ඇළ ළඟට.හවස
තුනට.”
කොල
කැබැල්ල සාක්කුවට දා ගතිමි.
නිල්
පැහැ සල්වාර් ඇඳුමකින් ඇය සැරසී සිටියාය.
හැඟීම්
නම් මට නොදැනෙනවා මැ’යි...
“අමන්...
තරහද
මාත් එක්ක.
මම
දන්නවා.
මම
දන්නවා ඔයා විභුට කැමතියි.
සමාවෙන්න
මට.
විභු
ගැන මට කැමැත්තක් නෑ.ඇත්තමයි.”
මැය
මේ තරම් සාමාන්‍ය ආකාරයකින් මෙසේ පවසන්නේ කෙසේදැයි පුදුම වීමි.
“මම
කැමති වෙන කෙනෙක් ඉන්නවා..” මම
කුහුලින් ඇය දෙස බලමි.
“අමන්
මම ඔයාට ආදරෙයි.”
ඇය
දොඩමළු වෙයි.ඒ කී කිසිත් මා හට නොඇසුණු තරම්ය.
ඉදින්
මා කෙලෙසකනම් ඒ ප්‍රේමය පිලිගනිම්ද...
මා
කිසිත් නොකී තැන මා නළලත හාදුවක් තවරා ඇය යන්නට යයි.
සීතල
පමණක් දැනුනු හාදුවක්!
එය
අපගේ අවසාන හමුවම වී.. මම වැඩිදුර අධ්‍යාපනයට දිල්ලියට ගියෙමි.ඇය ශිෂ්‍යත්වයක් ලබා
සිංගප්පූරු විශ්වවිද්‍යාලයකට ඇතුලත් විය. මීරා පමණක් මිසොරාම් හි තනිවිය.
ගලා
යන ජල පහරට ගලක් වැටි ශබ්ධයෙන් නැවතත් පියවි ලෝකයට පැමිණියෙමි.
මධ්‍යහ්නයට
ආසන්න වී ඇත.
පැහැදිලි
පරිසරයකි.
නිශ්ශබ්දතාවය
අතරින් කටහඩකි.
“අමන්..”
ඇයම
විය යුතුය.
නැත.
සුරන්ගනාවියකි.
ලා
රෝස පැහැ සාරියකින් ගත වසා සිටින්නී, මාගේ අභීමය.
ජිවිතයේ
ප්‍රථම වතාවට ස්ත්‍රියක් මාගේ වුවාය.
ඇය
මා හා සිනාසෙයි.
සුරඟනක්
මා හා සිනාසෙයි.
ක්ෂණයෙන්
මම ආලයෙන් වෙලුනෙමි.රක්ත පැහැ රුධිරය නහර තුල වේගයෙන් ගලා යනු මා හට කවරදාටත් වඩා
දැනුනි.
නොදැනුවත්වම
මා මුවේ සිනහවක් මතුවනු දැනුනි.
සුළගක්!
ඇගේ
කෙහෙරැලි මුහුණ පුරා විසිරූ වියරු සුළගක්!
ඇය
වමතින් කෙහෙරැලි පිසදානු නොදුටුයෙමි.
වමතේ
රැඳී මංගල මුදුවක් මා හට ඔච්චම් කරනයුරු පමණක් දුටුයෙමි.
නිමි.
ඔන්න පලවෙනි අදහස මගෙන්
ReplyDeleteඅවන්කෙන්ම කියන්නන් පරිවර්තනය කරපු සුපිරි කෙටි කතාවක් කියෙව්වා වගේ දැනුනෙ
සුබ පැතුම්
බොහෝම ඉස්තුතියි ඈ මගෙ වදේ ඉවසගෙන මෙව්වා කියවනවට මෝ...
Deleteමෝ හැමදාම පළවෙනියා වේවා!! :)
වදේ උනත් ටෝ මගෙ නංගි වගෙනෙ ඉවසන්න වෙනව ඉතින්
Deleteහේ...හේ....දිගටම ලියමු ඔහොම
:) :* හරී......
Deleteහරි රහයි අනුත්තරා,දිගටම ලියන්න
ReplyDeleteබොහොම ස්තුතියි.දිගටම ලියනෝ..:)
Deleteහොදයි මෙයා. දිගටම ලියන්න
ReplyDeleteබොහොම ස්තුතියි දේශකයෝ..:) දිගටම ලියන්නම් :)
Deleteඉතාමත් අගෙයි....... දිගු ගමනක පෙරනිමිති. සුබ පැතුම්.
ReplyDeleteබොහොම ස්තුතියි නලින් මාමේ.සන්තෝසයි එහෙම කියද්දී :)
Deleterahayi bulathiye....
ReplyDeleteතැන්කූ මලින්ත අයියේ...:)
Deleteඉතින් අනුත්තරා...................
ReplyDeleteසතුටුයි අදුර ගන්න ලැබුණාට... අපි නම් අද වෙන්ටෑ මේ පැත්තට අාවේ... අැත්තට ම හොයා ගත්තේ දැන්නේ.... දිගට ම ඒන්නම්.. නැවත හමුවෙමු............. බ්ලොගය අගෙයි.. දිගට ම කරගෙන යමු........... ඒකයි වැදගත්
කුරුටු ගැ ගී පවුර,
Deleteබොහොම සතුටුයි මටත් අදුනගන්න ලැබුන ඒකට. සාදරෙන් පිලිගන්නවා මගේ බ්ලොග් එකට.දිගටම මේ පැත්තට එයි කියල බලාපොරොත්තු වෙනවා.දිගටම ලියන්න තමයි මාත් හිතාගෙන ඉන්නේ. බොහොම ස්තුතියි ඔබට.
මම වැඩිය කියවන්න ආස නෑ....
ReplyDeleteඒත් අපේ බුලතිගේ ඒවා කියවනවා.....
ලස්සනයි නංගී.....තව ලියන්න....පුන්චියට ලස්සනට මේ වගේම
අපි කියවනවා.....
බොහොම ස්තුතියි අමිල අයියේ.
Deleteනොකියවා ඉන්න එපා.ටික ටික හරි කියවන්න.එතකොට කැමැත්තක් දැනෙයි. :)
රහයි රහයි රහයි අගෙයි
ReplyDeleteබොහොම ස්තුතියි කිචී..අයෙත් ඇවිත් යන්න එන්න මේ පැත්තේ :)
Delete