Saturday, January 9, 2016

හන්චි වගේ වෙන්න (එපා) !!!

හන්චිට බ්ලොග් එකේ ලියන්න දෙයක් හිත හිතා ඉද්දි මේ ටික ලියලා දාන්න හිතුනා.



මේ ඉන්නේ හන්චි. හන්චි කියන්නේ මහත කොට කෙල්ලෙක්.

හන්චිට චූටි කාලෙ ඉඳන් හීන ගොඩයි. එයාට ගොඩක් තියෙන්නේ සුරංගනා කතා වගේ හීන තමයි.හන්චි හරි කැමතියි හීන දකින්න. හැබැයි එයා ඒ ගොඩක් හීන කාටවත් කියන්නේ නෑ. එයාගේ හිතෙන් බාගේකටත් වඩා තියෙන්නේ කවුරුත් දන්නේ නැති හීන වලින් පිරුණු රහස් මාලිගාවක්.


හන්චිට මතක ඇති කාලෙක ඉඳන් හන්චි වැඩිය කතා කරන්න කැමති නෑ. ගෙදර අයනම් කියන්නේ ඒ කතා නොකරන්නේ කම්මැලි කමට කියලා. ඒත් හන්චි වැඩිය කතා කරන්නේ නැත්තේ එයා කතා කලොත් ගොඩක් අයගේ හිත රිදෙයි කියලලු. ඒ තරමටම හන්චි වෙලාවකට සැරයිලු.

හන්චි ගොඩක් පොත් කියවනවා . තව එයා සින්දුත් අහනවා. තව එයා ගොඩක් ගොඩක් දේවල් කල්පනා කරකර ඉන්නවා හැම වෙලේම වගේ. සමහර විට ඔයාලා හන්චි එක්ක කතා කරද්දී එයා ඉන්නේ වෙනමම ලෝකෙක වෙන්නත් පුළුවන්. ඒත් එයා ඒ ගැන ඔයාලට දැනගන්න ඉඩ තියන්නේ නෑ.

හන්චි ගොඩක් ෆිල්ම් බලනවා.ගොඩක් ටීවී සීරිස් බලනවා. එයා එයාගේ ඉන්ටනෙට් පැකේජ් එක හැමදාම ඉක්මනට ඉවර කරගන්නේ ෆිල්ම් බලන්න ගිහිල්ලා තමයි. හන්චි ඒත් බලන්නේ ඉංගිරිස් ෆිල්ම් විතරයි. එයා දන්නවා ඒ හින්දා එයාගේ දැනුමත් වැඩි වෙනවා කියලා.

හන්චි කැමතියි ලියන්න. ලියන්න කිව්වේ,එයා කැමතියි කොල කෑලි වල අකුරු ලියන්න.බලි රූප අඳින්න.ඒත් එයා කවදාවත් ඒ කොල කෑලි විසික් කරන්නේ නැහැ. එයා කැමතිම අනික් දේ තමයි එහෙම ලියපු කොල කෑලි කාලෙකට පස්සේ ආපහු එකින් එක කියවන එක.

තව හන්චි කැමතියි හිනාවෙන්න. එයා හම්බෙන හැමෝම එක්ක හිනාවෙනවා. හැබැයි හිනාවෙන්නේ නැති අයට නම් හන්චි කැමතිම නෑ. ඒත් හිනාවුනත් නැතත් හන්චි හැමෝම එක්ක හිනාවෙනවා. එයා විශ්වාස කරනවා හිනාව කියන්නේ මැජික් එකක් කියලා.

යාළුවොන්ට ගොඩක් ආදරේ කෙනෙක් තමයි හන්චි.එයාට යාළුවො ගොඩක් ඉන්නවා. එයාලා අතරේ විශේෂම හය දෙනෙක් ඉන්නවා. මගෙ දරේ.. එයා තමයි මේ ලෝකේ වැඩියෙන්ම මම ගැන දන්නේ. හන්චිට දැන් අවුරුද්දකින් විතර එයාව දකින්න හම්බුනේ නැතත් හිත එයා එක්කම ඉන්නවා.ඒක එයා දන්නවා. ඊට පස්සේ හන්චිට තව යාළුවො හතරදෙනෙක් ඉන්නවා. ටිකිරියයි, මදුවයි, බඩියයි, ජනා යි තමා එයාලා. හන්චි හෙන කැමැත්තෙන් නවත්තන්නෙත් නැතුව මෙයාලා එක්ක කචබච ගානවා. ඒ ලෙවල් කාලෙ සෙට් උනාට හන්චිට හිතෙන්නේ එයාලව කාලෙක ඉඳන් දන්නවා වගේ. හන්චි මෙයාලටත් ගොඩක් ආදරෙයි.හැබැයි එයාලා ඒක දන්නවද කියල හන්චි දන්නේ නැහැ.


හන්චිට ඉන්නවා මේ ලෝකේ ආදරණියම බව්වා. හන්චි ගෙදර එද්දී සතුටෙන් උඩ පනින, ඇඟටම පැනලා ආදරයෙන් වැළඳගන්න බව්වෙක්.බෙල්ල යට අතගාවගන්න හෙන ගොඩක් කැමති බව්වෙක්. හන්චි කවදාවත් එයාගේ සුරතලාට ගහන්නේ නැහැ.ගහන්න දෙන්නෙත් නෑ. ගෙදර අය කියන විදියට බව්වා ගිය ආත්මේ මගෙ කවුරුහරිලු.

හන්චි කැමතිම කාටුන් චරිතේ තමයි මිනියන්. මිනියන්ලගේ බඩු එකතු කරන්න හන්චි ගොඩක් කැමති උනත් තාම එකම එකක්වත් නැහැලු.

මේ ලෝකේ හැම කෙනෙක්ම ඒ ඒ කෙනාට විශේෂ අයුරකින් උපත ලබල තියනවා කියල හන්චි විශ්වාස කරනවා.හන්චි හැමෝටම ගරු කරනවා. ඒ පුද්ගලයට අකමැති උනත් හන්චි ගරු කරනවා. කෙනෙක්ට අපහාස කරන එක, කෙනෙක්ට අපහසුතාවයක් ඇති වෙන විදියට කතාකරන එක හන්චි අනුමත කරන්නෙම නැහැ.


කවදාවත් උදේට එලාම් එකට හන්චිට ඇහැරෙන්නෙ නෑ. ඇහැරුනත් අම්මා කෝල් එකක් දෙනකම්ම ඉන්නවා ඇහැරෙන්න.හදිසියෙවත් අම්මා කෝල් කලේ නැත්නම් එදාට ඔන්න හන්චිට පරක්කුයි හොඳටම. ඉතින් හන්චිගේ අම්මා හැමදාම උදේට පස් සැරයක්වත් කෝල් කරනවා නිදිකුමාරිව නැගිට්ටවන්න.ඒත් හන්චි කොච්චර පරක්කු වුනත් ලෙක්චර්ස් කට් කරන්නේ නම් නෑ.

හන්චි පාඩම් කරන්නේ රෑට. හන්චිට පාඩම් හිටින්නෙත් රෑට. එහෙමයි කියලා හන්චි දවල්ට වැඩ නොකර ඉන්නේ නෑ.පුළුවන් තරම් හෝම් වර්ක් දවල්ට ඉවර කරලා, රෑට පාඩම් කරන්න විතරක් වෙලාව ඉතුරු කරගන්නවා.පාඩම් කරද්දී හන්චිට ඒවා මතක හිටින්න නම් කොහේ හරි ලියන්නම ඕනි. ඒත් කවදාවත් හන්චිට ඒ ක්‍රමේ එපා වෙලා නම් නැහැ.

හන්චිට ඉන්නේ අම්මයි තාත්තයි මල්ලියි විතරයි. හන්චිගේ ලෝකේ වැඩිපුරම ඉඩ තියෙන්නේ එයාලා වෙනුවෙන් විතරයි. හන්චි පුළුවන් තරම් උත්සහ කරන්නේ අම්මටයි තාත්තටයි ඉක්මනට නිදහසේ ඉන්න දීලා ගෙදර වගකීම් ටික ඉක්මනට තමන්ම ඉටු කරන්න.හන්චි දන්නවා එයාලා ගොඩාක් මහන්සි වෙනවා කියලා. ඒ හින්දම හන්චිත් මහන්සි වෙලා වැඩ කරනවා පුළුවන් තරම්.

බොරු කියන්නේ නැති ළමයෙක් හන්චි. එයාට ඒත් පුළුවන් බොරු කියන අයව ඉක්මනට අඳුන ගන්න.එහෙමයි කියලා හන්චි එයාලව ආශ්‍රය නොකර ඉන්නේ නෑ.කරන එකම දේ එයාලව විශ්වාස කරන්නේ නැති ඒක විතරයි.

හන්චි හැමෝටම උදව් කරනවා. හිතන දේවල් වලින්, පාටින්, මූණෙන්,හැසිරීමෙන් කාවවත් කොන් කරන්නෙ නැති කෙනෙක් හන්චි. කවුරු තමන්ට මොනා කිව්වත් දරාගන්න පුළුවන් හිතක් හන්චිට තියනවා. හිත කොච්චර රිදුනත් හිනාවෙලා ඉන්න හන්චිට පුළුවන්.

ආදරේට ගොඩක් ලෝබ කෙනෙක් තමයි මෙයා. පුළුවන් තරම් ආදරේ දෙන චුට්ටක්වත් ලෝබ නැති කෙනෙක් තමයි හන්චි.
හැමෝටම වගේ හන්චිටත් වෙලාවකට හරිම පාළුවක් දැනෙනවා. කාටහරි කියලා දාන්න ඕනි මහගොඩක් දේවල් හිතේ තෙරපෙනවා.ඇස් වලට කඳුළු පිරිලා උගුර හිරවෙනවා. ඒත් හන්චිට පුළුවන් ඉක්මනටම කඳුළු හංගගෙන හිනාවෙන්න.ඔයාලා දන්නවනේ එයා හිනාවෙන්න ගොඩක් කැමති කෙනෙක් කියලා. ඉතින් කඳුළු පෙන්නන්න කැමති නැහැ.


දැන් ඔයාලා හිතනවද හන්චි කියන්නේ නෙලුම් මලෙන් උපන් කුමාරිකාවක් කියලා.අපෝ නැහැ. හන්චි කරන නරක වැඩ ගොඩාක් තියනවා.



කලිනුත් කිව්වා මතකද? හන්චිට ඉක්මනට කේන්ති යනවා. හන්චිට ලේසියෙන් කෙනෙක්ට සමාව දෙන්න බැහැ. හන්චි ඒත් පුළුවන් තරම් උත්සහ කරන්නේ කේන්ති යන දේවල්,කේන්ති එන කතාබහවල් මගාරින්න. එතකොට කාටවත් රිදීමක් නැහැ.

හන්චි අකමැතිම වැඩක් රෙදි සෝදන එක. අම්මා ගොඩක් කල් යනකම්ම සෝදලා දුන්නත් දැන්නම් තනියෙමම සෝදගන්නවා. ඒත් හන්චි ඉන්නේ ඉක්මනටම මේ කරදරකාර වැඩේට පිලියමක් හොයාගන්න.

තව හන්චිට පුරුද්දක් තිබ්බා කෝප්පයක් නැතුව වතුර බොන්න. එක්කෝ ටැප් එකට කට තියලා වතුර බොනවා.එක්කෝ පිඟානට වතුර බොනවා.කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද මම අහන්නේ.ඒත් ඉතින් දැන්නම් වගකීම් සහගත ළමයෙක් විදියට ගෙදරදී විතරක් හිටපු ගමන් ඒ විදියට හන්චි හැසිරෙනවා.

හන්චි කැමති නැහැ සෙරෙප්පු දාන්න.පස්,ගල්, තණකොළ පෑගෙනවට හන්චි කැමතියි.ඒත් ඒ හින්දම හන්චි අම්මගෙන් බැනුම් අහනවා.

හිතුවක්කාරකම,මුරණ්ඩුකම උපතින්ම අරගෙන ආපු කෙනෙක් තමයි හන්චි. එයා හැමෝම කියන දේ අහන් හිටියට ඒවා ඔක්කොම ඒ විදියට පිළිගන්නේ නැහැ. තර්ක කරන්න පුළුවන් කෙනෙක් එක්ක නම් තර්ක කරනවා.එහෙම බැරි එක්කෙනෙක් නම් කිසිම දෙයක් නොකියා ඉන්නවා. හැබැයි හන්චි වැරදියි නම් ඒක එවෙලේම පිලිගන්නවා.

තව ලොකු වැරදි වැඩක් කරනවා හන්චි.නෝක්කාඩු කියනවා අම්මට. හන්චිට වඩා හන්චි මල්ලිට ගොඩක් ආදරෙයි කියල හැමවෙලේම නහයෙන් අඬනවා. එතකොට අම්මට දුක හිතෙනවා. පස්සේ ඊට වඩා ගොඩක් හන්චි දුක් වෙනවා.

ඉතින්...............
ජීවිතේ කියන්නේ පුදුමාකාර විශ්මලන්තයක් කියලා හන්චි හිතාගෙන ඉන්නවා.  හමුවීම් වෙන්වීම්, ගැලපීම් නොගැලපීම් , යාළුකම් , ආදරේ, වගකීම් කියල අපිට හම්බෙන හැමදේම අපිට ජීවිතේ කම්මැලි නොහිතෙන්න කවුදෝ මන්දා ඉහින මැජික් කුඩු ජාතියක් කියලා හන්චි විශ්වාස කරනවා.


හන්චි ප්‍රාර්ථනා කරනවා හැමෝටම සතුටින් ඉන්න ලැබෙනවානම් කියලා. හැමෝටම කන්න බොන්න, අඳින්න පළඳින්න ලැබෙනවානම් කියලා. හැමෝටම ගරුත්වයක් ලැබෙනවානම් කියලා. වැරදි වැඩ කරන අය හැමෝටම තමන්ගේ වැරදි ගැන පසුතැවෙන්න ලැබෙනවානම් කියලා.  අහිංසක දුප්පත් පොඩි පැටව්න්ගේ හිනාවකට හේතුවක් වෙන්න ලැබෙනවනම් කියලා.


හන්චි දන්නවා මේක කියවන හැමෝමත් ඒ දේවල්ම ප්‍රාර්ථනා කරනවා කියලා.

හ්ම්ම්.ඉතින්,

අන්තිමේටම...

අන්තිමේටම...

අන්තිමේටම...

සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ .. නම්,
අපි මොකටද අපිම නොවී තව කවුරුත් වගේ වෙන්නේ?

හන්චි අන්තිමේටම කැමති, කිසිම කෙනෙක් වෙන කෙනෙක් වෙන්න යන්නේ නැතුව තමන්ම වෙනවනම් තමයි!







17 comments:

  1. හන්චි හොදම හොද ළමයෙක් ඒත් කෑම කන පිගානේ වතුර බිපුවම ගොඩක් මහත් වෙනවලු ඒ හින්ද ඔය මහතා වැඩිත් එක්ක ඒ පුරුද්ද නතර කරන්න පුලුවන්නම් <3

    ReplyDelete
    Replies
    1. දැන් එහෙම බොන්නෙම නැති තරම්. හී හී..බොහොම ස්තුතියි ශාන්ති නැන්දේ

      Delete
  2. හංචි කියන්නෙ කියුට් බෝලයක් ^_^

    ReplyDelete
  3. හංචි කියන්නෙ කියුට් බෝලයක් ^_^

    ReplyDelete
    Replies
    1. සමි දන්නෝනෙ ඉතින් හන්චි ගැන ^_^ :*

      Delete
  4. හංචි කියන්නේ සුන්දර ලෝකයක්........ ඒච්චරයි........

    ReplyDelete
    Replies
    1. bohoma sthuthi kurutu! Singlish walin type kalata sorry.

      Delete
  5. Keep it up anuththaraa.. Proud of you 😊

    ReplyDelete
    Replies
    1. Thank you so much dinithi! welcome to my blog.... :)

      Delete
  6. හංචිට අපි ආදරය (තිත් දෙකයි තරුවයි)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රංගන !

      Delete
  7. හංචි හොඳ නංගි බබෙක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිතුවක්කාරි

      Delete
  8. අදයි හංචි මේ පැත්තට ආවේ. හරිම ලස්සනට ඔයාගේ කතාව ලියලා තියෙනවා.ඕනම කෙනෙක්ගේ හොද පැත්තක් මෙන්ම නරක පැත්තකුත් තියෙනවා ඒවා කාලයාගේ ඇවෑමෙන් නරක පුරුදු අයින්වෙලා යනවා. ඔබත් අනාගතයේදී හොද ළමයෙක් වෙන්න මම සුභ පතනවා..

    ReplyDelete
    Replies
    1. Thank you so much mahesh! welcome to my blog :) forgive me for the language.

      Delete
  9. හන්චි අපේ හිත හොඳ හිතුවක්කාරීනේ....................

    ReplyDelete
  10. හන්චි අපේ හිත හොඳ හිතුවක්කාරීනේ....................

    ReplyDelete